Tuesday, October 26, 2021

L1 පටු ආමාන වාශ්ප එන්ජිම - උඩු පුස්සැල්ලාව දුම් රිය මාර්ගයේ නිත්‍ය කාර්ය තුරඟා

 

නුගේගොඩ රොබට් ගුණවර්ධන උද්‍යානයේ ස්ථාපිත කර තිබූ 203 දරණ එන්ජිම. 
1979 වසරේ රොබ් ඩිකින්සන් මහතා විසින් ගන්නා ලද සේයාරුවකි

ලංකාණ්ඩුවේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් පටු ආමාන දුම්රිය මාර්ග වලට දෙවෙනි වරට ආනයනය කරන ලද්දේ L1 පංතියේ දුම්රිය එන්ජින්ය. මෙම එන්ජින්, විශේෂයෙන්ම උඩ පුස්සැල්ලාව මාර්ගය සඳහාම සැලසුම් කර ඇත. 1902 සිට 1904 වසර දක්වාත් (L1, L1A) 1920 දී ත් (L1B) වශයෙන් කාණ්ඩ දෙකක් වශයෙන් මෙම එන්ජින් ආනයනය කර ඇත්තේ එංගලන්තයේ ශාප් ස්ටුවර්ට් සහ හන්ස්ලට් යන සමාගම් වලිනි. ශාප් ස්ටුවර්ට් සමාගමෙන් එන්ජින් හතරක්ද (L1A 120 – 123) , හන්ස්ලට් සමාගමෙන් එන්ජින් දෙකක්ද (L1 130, L1B 203)  වශයෙන් එන්ජින් හයක් ආනයනය කර ඇත.

Wednesday, May 26, 2021

දුම්රිය සම්බන්ධ වීඩියෝ

දුම්රිය ක්ෂේත්‍රයට සම්බන්ධ දේවල් ගැන උනන්දු වුන කාලෙ  ඉඳලා එහෙන් මෙහන් යද්දි ගත්ත විඩියෝ ටික එක තැනකට එකතු කරන්න කියල හිතාගෙන අලුත් යූටියුබ් නාලිකාවක් පටන් ගත්තා. පහත ලිංක් එක තුලින් චැනල් එකට යොමු වෙන්න පුලුවන් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා සහයොගයක් දෙන්න. 



ස්තූතියි. තවත් දුම්රිය කතාබහක් සමගින් ඉක්මනින් හමු වෙමු!

Friday, May 14, 2021

K1 වාෂ්ප එන්ජිම - ශ්‍රී ලංකාවට පළමුවෙන්ම ගෙන ආ පටු ආමාන වාෂ්ප එන්ජිම

image :- Flickr

ශ්‍රී ලංකාවේ ධාවනය කල පටු ආමාන වාෂ්ප දුම්රිය එන්ජින් අතරින් පළමු වරට ආනයනය කරන ලද එන්ජිම වන්නේ K1 ධාවන පන්තියට අයත් වාෂ්ප එන්ජිමයි. 1900 දී පළමු වරට ආනයනය කරන ලද මෙම එන්ජින් කැළණිවැලි දුම්රිය මාර්ගය ඉදිකිරීමෙහි ලා ඉතා වැදගත් මෙහෙවරක් සිදු කරන ලද බව විශේෂයෙන් සඳහන් කල යුතුය. එම එන්ජිමෙහි යාන්ත්‍රික විස්තර පහත පරිදි වේ.

Saturday, January 09, 2021

දෙමෝදර ආරුක්කු නවය පාලම ඉදිකිරීමේ සත්‍ය කතාව


ආරුක්කු 9 පාලම, ගල් පාලම, දෙමෝදර පාලම වගේ නම් වලින් හ‍ඳුන්වන කොළඹ බදුල්ල දුම්රිය පාරේ ඇල්ල හා දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටි කඳු දෙකක් යාකරන මෙය, අඩි 25 ක් පළලට අඩි 300 ක් දිගට හා අඩි 80 ක් උසට වන සේ මුහුදු මට්ටමින් අඩි 3 100 ක් ඉහලින් පිහිටා ඇත. මෙම පාලමේ ඉදිකිරීම් ගැන වර්තමානයේ ප්‍රසිද්ධව ඇති කතාවක් වන්නේ මෙය ඒ වනතෙක් දුම්රිය පාර හදාගෙන පැමිණි සුද්දන්ට ඇල්ල දුම්රිය ස්ථානයෙන් ඔබ්බෙහි තිබුණු මහා නිම්නයක් හරහා වංගුවක් සහිතව පාලමක් දැමීය යුතු ස්ථානයක් හමුවූ බවත්, එතන තිබුණු සංකීර්ණතාවය නිසා සුදු ජාතික ඉංජිනේරුවාට දුම්රිය පාර එතනින් එහාට ඉදිකරගැනීම නොහැකිව ප්‍රශ්නයකට මුහුණ දී රැකියාව ද නැතිවන මට්ටමක සිටි බවත්, එම තත්ත්වය දැක ඒ අසල පදිංචිව සිටි “අප්පුහාමි” නම් බාසුන්නහේ කෙනෙක් ඔහු සතු තාක්ෂණ දැනුම යොදාගෙන ආරුක්කු පාලමක් තනිකර කැපූ කළුගල් කුට්ටි භාවිතයෙන් මෙතැන ඉදිකළ බවත් යන කාරණයයි.