Thursday, December 30, 2010

෴M4 ඩීසල් දුම්රිය එන්ජිම - Made in Canada෴


    M4 පන්තියේ ඩීසල් එන්ජිම හඳුන්වා දිය හැක්කේ අපේ දුම්රිය සේවය සතු සාර්ථක දුම්රිය එන්ජින් වර්ග අතුරෙන් තවත් එක් සාර්ථක එන්ජිමක් ලෙසටයි. M2 සේම මෙයත් ගෙන්වූ දා පටන්ම ඉතා සාර්ථක ලෙස සේවය සපයන කාර්යක්ෂම එන්ජිමක්. වඩාත්ම වැදගත් කාරණාව වනුයේ ආනයනය කරන ලද සියලුම M4 එන්ජින් මේ වන විටත් ඉතා සාර්ථය ලෙස ධාවනයේ යෙදීමයි. මෙය කැනඩාවේ මොන්ට්‍රියෙල් ලොකොමොටිව් වර්ක්ස් සමාගමේ නිෂ්පාදනයක්. මෙම එන්ජිම පිලිබඳව විස්තර පහත දැක්වේ.

Saturday, December 18, 2010

෴M3 ඩීසල් දුම්රිය එන්ජිම - දේශිය ඉංජීනේරුවන් විසින් මෙරටදීම සැලසුම් කර නිපදවූ දුම්රිය එන්ජිම෴

M3 එන්ජිම
ඡායාරූපය :- Ceylon Railway Museum
    1938 වසරේදී මෙරටට මුල්ම බලවේග දුම්රිය කට්ටලය ගෙන එනු ලැබු අතර ඒ පිළිබඳ විස්තර මෙම සබැඳිය ඔස්සේ කියැවිය හැකියි. කෙසේ වුවත් මෙම බලවේග දුම්රිය මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය සිදුකල හෙයින් ඉතා ඉක්මනින්ම දිරාපත් වීමට ලක් වීම නිසා 1955දී පමණ ඉවත් කරනු ලැබුවද එම බලවේග දුම්රියේ එන්ජින් සහ අනෙක් යාන්ත්‍රික උපාංග ඉතා හොඳ තත්වයෙන් තිබූ බව සඳහන් වේ.

Friday, December 17, 2010

෴M2 දුම්රිය එන්ජිම- ස්වර්ණ ජයන්තියද ඉක්මවා තවමත් ධාවනයේ පවතින මෙරට සාර්ථකම දුම්රිය එන්ජිම෴

ඡායාරූපය :- Ceylon Railway Museum 
       2004 වසරේ සුනාමි ව්‍යවසනයට මුහුණ දුන් දුම්රිය ඔබේ මතකයට නැගෙන විටම දැවැන්ත රල පහරින් පෙරැලුණු එහි එන්ජිම පිළිබඳවද ඔබේ මතකයට නිරායාසයෙන්ම පැමිණේවි. එය M2 වර්ගයේ එන්ජිමක්. මෙරට සේවයේ දැනට ධාවනය වන දුම්රිය එන්ජින් අතුරෙන් පැරණිම එන්ජිම වන්නෙ මෙම M2 පන්තියේ දුම්රිය එන්ජිමයි.

Saturday, December 04, 2010

෴M1 දුම්රිය එන්ජිම - දෛනික ප්‍රවාහන සේවා සඳහා යෙදවූ මුල්ම ඩීසල් දුම්රිය එන්ජිම෴

ඡායාරූපය :- ඩග්ලස් එදිරිසිංහ මහතා
 මෙරට දුම්රිය සේවයේ ආරම්භක යුගයේ සිට (1858- 1935 පමණ දක්වා) ශත වර්ශයකට ආසන්න කාලයක්  එහි කොදු නාරටිය ලෙස සැලකිය හැකි වන්නේ වාෂ්ප බලයෙන් ධාවනය වුන වාෂ්ප දුම්රිය එන්ජින්. රටේ ප්‍රවාහන සේවයට මනා සහයක් ලබාදෙමින් මේ දැවැන්ත යෝධයන්  මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය යහපත් කරන්නට සැපයූ නිහඬ සේවය අති මහත්.

Thursday, December 02, 2010

෴ඇරඹුම~අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා...෴

        දුම්රිය යනු ලොකුපොඩි බොහෝ දෙනෙක් ප්‍රිය කරන ක්ෂේත්‍රයක්. බාල මහලු වෙනසක් නොමැත්වව කාගේත් කැමැත්ත දිනාගත් ලාභදායී මෙන්ම විශ්වාසවන්ත ප්‍රවාහන මාධ්‍ය බවට පත්වෙන දුම්රිය සේවය සම්බන්ධ විවිධ තොරතුරුඔබ සමග බෙදාගන්න මෙම බ්ලොග් අඩවිය ලියැවේ. ඉන් බහුතරය තාක්ෂණික තොරතුරු වනු ඇති.

        වර්ෂ 1858 දී පමණ ඈත අතීතයෙදී බටහිර අධිරාජ්‍යවාදීන් මෙරට පාලනය කරන සමයෙදි ඔවුන්ගේ ප්‍රවාහන අවශ්‍යතා මත ඇරඹුණ "සිලෝන් රේල්වේ" මෙරට දුම්රිය සේවය කාලයත් සමග විවිධ වෙනස්කම් සහ නවීකරණයන්ට ලක් විය. ඒ කෙසේ වුවද තවමත් මෙරට දුම්රිය මාර්ග පද්ධතියෙහි ප්‍රමාණාත්මක වර්ධනයක් සිදු නොවීම කණගාටුවට කරුණක්. නමුත් වර්තමාන මාර්ග පද්ධතිය මගින්ද දෙස් විදෙස් මගීන් සඳහා සැලසෙන සේවය අතිමහත්.

Sunday, March 07, 2010

අපේ දුම්රිය සේවයේ ඉතිහාසයෙන්....

ඊමේල් පණිවිඩයක් මගින් ලැබුණු, ශ්‍රී ලාංකීය දුම්රිය සේවයේ පැරණි ඡායාරූප කිහිපයක් මෙහි පලවේ. විශේෂයෙන් ශ්‍රී ලාංකීය දුම්රිය ඉතිහාසය සහ පැරණි ඡායාරූප පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට ඇතැම් විට වැදගත් වනු ඇත.


බණ්ඩාරවෙල නගරය...(රථවාහන මාර්ගය සහ දුම්රිය මාර්ගය එකට හමුවන ස්ථානය)


ඔහිය දුම්රිය ස්ථානය (1894)

ඩක්කු මගින් ගමන් කරන සුදුජාතිකයන්...

කඩුගන්නාව දුර්ගය 1910දි.....

කොළඹ නුවර දුම්රිය මාර්ගයේ තවත් ස්ථානයක්.....

අලි පස්ස (Elephant back) යන අන්වර්ථ නමින් හැඳින්වෙන සුප්‍රසිද්ධ ස්ථානය

  

කොළඹ මහනුවර  දුම්රිය මාර්ගය  ඉදිකිරීම්
ජායාරෑපය 1860 පමණ ගන්නා ලද්දකි 
 





කඩුගන්නාව දුම්රිය ස්ථානය සදහා පිවිසෙන මාර්ගය .
 සුප්‍රසිද්ධ ඩෝසන් කුලුණ ඈතින් දිස්වේ

1860දි කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය ඉදිකිරීම්....


සුප්‍රසිද්ධ ගිංතොට පාලම......

1909දි එන්ජින් අංක 66 කුරුණෑගල දුම්රිය ස්ථානයේදී.....

1890 දි කුරුණැගල පොතුහැර දුම්රිය ස්ථානය......