Monday, December 19, 2011

H1 class 293 (Bayer Peacock) - සදහටම වෙන්ව ගිය පුංචි යෝධයා (පරිවර්තිත ලිපියකි)

        එදා මෙදාතුර ශ්‍රීලංකාවේ තිබූ දුම්රිය මාර්ග වලින් කිහිපයක් අද වන විට වැසීගොස් තිබේ. නානුඔය - නුවරඑලිය - රාගල දක්වා ගමන් කල සුප්‍රසිද්ධ උඩුපුස්සැල්ලාව මාර්ගයද ඉන් එකකි. අධික ආනතියක් සහිත, අතිශයින් දුෂ්කර වූ එම මාර්ගයේ දුම්රිය ධාවනය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි විශේෂයෙන් Bayer Peacock එංගලන්ත සමාගම නිපදවන ලද සුවිශේෂි ගැරට් එන්ජිම (H1-293) මෙරට දුම්රිය ලෝලින්ගේ පූජනීය වස්තුවක් බඳුය. උඩුපුස්සැල්ලාව මාර්ගය වසා දැමීමෙන් පසුව කාලයක් ඉඳහිට කැලණිවැලි මාර්ගයේ ධාවනය කල මෙම සුවිශේෂි, ලොව එකම පටු ආමානයේ Bayer Peacock Garret වාෂ්ප එන්ජිම විය. සදාකාලීක සිහිවටනයක් කොට සුරැකිය යුතුව තිබූ මෙම පුංචි යෝධයා, ඊට ඉඩක් නොතබා අපේ දුම්රිය බලධාරීන්ගේ නොසැලකිල්ල මත මුලු ලොවටම අහිමි කර දමන ලදී. (මෙම එන්ජිම පිළිබඳව තාක්ෂණික කරුණු සහිත ලිපිය පසුව පල කෙරේ) 

        එම එන්ජිම සියැසින් දැක ගැනීමට තරම් වාසනාවන්ත වූ, දුම්රිය කෞතුකාගාර කමිටුවේ සභාපති තුමන් වන හේමසිරි ප්‍රනාන්දු මහතානන් විසින් H1-293 පිළිබඳව සිය අත්දැකීම් Rail 2000 සමරු කලාපය වෙනුවෙන් රචිත "Loco that made me enthusiast" නැමති ලිපිය "ප්‍රවීන් ඉන්ද්‍රනාම" සොයුරා විසින් මෙසේ සිංහලට පරිවර්තනය කරන ලදී....
_________________________________________________________________

Monday, November 07, 2011

෴S8 බලවේග දුම්රිය - ජපන් කොරියන් සුසංයෝගයෙන් බලගැන්වූ, මෙරට සාර්ථකම බලවේග දුම්රිය෴

        මෙරට දුම්රිය ඉතිහාසයේ ස්වර්ණමය යුගය 60-80 අතර යුගය බව ඔබ මෙහිදී කිහිප වරක් කියවන්නට ඇත. එම කාලය තුල මෙරට දුම්රිය මාර්ගයන්ට විවිධ ආකාරයේ දුම්රිය කට්ටල සහ එන්ජින් විශාල ප්‍රමාණයක් එකතුවිය. එම යුගයේ අවසාන භාගයේදි, එනම් වර්ෂ 1989 දී මෙරට දුම්රිය මාර්ගවලට තවත් ඉතා විශිෂ්ඨ දුම්රිය කට්ටල වර්ගයක් හඳුන්වා දෙන ලදී. S8 ධාවන පන්තිය යටතේ වර්ග කර ධාවනයට එක්කරන ලද මෙම දුම්රියේ තාක්ෂණික සහ ඇතැම් තොරතුරු කිහිපයක් පහත දැක්වේ.

Saturday, October 15, 2011

෴S7 බලවේග දුම්රිය - දේශියව නිපදවු මැදිරි යෙදූ අවසාන බලවේග දුම්රිය෴

ඡායාරූපය:- Railway Museum
    S6 බලවේග දුම්රිය මෙරටට ගෙන ඒමෙන් වසර දෙකකට පසුව තවත් බලවේග කට්ටල කිහිපයට අවශ්‍යතාවය නිසා නැවත වරක් බලවේග දුම්රිය කට්ටල කිහිපයක් ධාවනයට එක් කරන්නට දුම්රිය බලධාරීන් ගත් තීරණයක් මත මෙම දුම්රියන්ද මෙරටට ගෙන එන ලදී. මේ යුගය වන විට බලවේග දුම්රියන් වඩාත් ලාභදායි සහ කාර්යක්ෂම සේවාවක් සැපයීම වෙනුවෙන් වඩාත් ජනප්‍රසාදයට පත්වු යුගයක් විය. විශේෂයෙන් කෙටි දුර මගී ප්‍රවාහන සේවා සහ කාර්යාලීය සේවා සඳහා බලවේග දුම්රියන් වැඩි වශයෙන් යොදාගන්නා ලද්දේ ඒවා අඩු වියදමකින් නඩත්තු කලහැකී වීමත් ධාවනය සහ හැසිරවීම වඩාත් පහසු වීම ආදී හේතු ගණනාවක් නිසාවෙනි.

Thursday, October 13, 2011

෴S6 බලවේග දුම්රිය - බල සැපයුම් එන්ජින් අලුතෙන් සවිකර අලුත්වැඩියාවක් සිදු කරන ලද මුල්ම බලවේග දුම්රිය෴

මරදාන දුම්රිය ස්ථානයේදී 2011/08/13 දින ගත් ඡායාරූපයකි
    අධික මගී තදබදයක් සහිත ප්‍රදේශ වල ප්‍රවාහන සේවා සඳහා යෙදවීම සඳහා විශේෂයෙන් එන්ජින් සහිත දුම්රියන් යෙදවීම වෙනුවට වඩාත් ලාභදායි විසඳුමක් ලෙස බලවේග දුම්රියන් යෙදීමට දුම්රිය බලධාරින්ගේ අවධානය වරින් වර යොමු වූ බව පූර්ව ලිපි වලදී ඔබ කියවන්නට ඇත. S6 වර්ගයේ බලවේග දුම්රියන්ද මෙරටට ගෙන එන ලද්දේ එම වැඩසටහන් වල ප්‍රතිඵලයක් වශයෙනි.

Monday, September 05, 2011

෴S5 බලවේග දුම්රිය - ශ්‍රීලංකාවේ ප්‍රථම ඩීසල් සුඛෝපභෝගී බලවේග දුම්රිය෴

ඡායාරූපය:-http://www.railwaymuseum.lk
හිමිකම:- හර්ෂ හේරත්
මෙරට දුම්රිය සේවය වෙත වැඩිම දුම්රිය ප්‍රමාණයක් එකතු වු වර්ෂ 1960-1980 යුගයේ මෙරටට ගෙන්වූ තවත් දුම්රියක් ලෙස මෙම S5 පන්තියේ බලවේග දුම්රිය හැඳින්විය හැකිය. එම දුම්රිය මෙරටට ගෙන්වා ඇත්තේ ජපානයෙන් වන අතර මෙරටට අඩුම බලවේග දුම්රිය සංඛ්‍යාවක් ගෙන්වා ඇත්තේ මෙම වර්ගයෙනි. එනම් බලවේග කට්ටල දෙකකි.

Friday, August 05, 2011

෴S4 බලවේග දුම්රිය - උඩරට මාර්ගයේ ධාවනය කල තවත් බලවේග දුම්රියක්෴

ඡායාරූපය:- Mike Tisdale (1980 දී ගන්නා ලද්දකි)
වර්ෂ 1962 දී මෙරට ධාවනය සඳහා එක්වූ මෙම දුම්රිය බාහිර පෙනුමෙන් පමණක් නොව බොහෝ අභ්‍යන්තර සහ තාක්ෂණික කරුණු අනුව S3 බලවේග දුම්රියට තරමක් දුරට සමාන බැව් පෙනේ.  

Sunday, July 03, 2011

"පට්ටිපොල" සිට සුන්දර හෝර්ටන්තැන්න වන පියස ඔස්සේ "ඔහිය" බලා.... (අවසාන කොටස)

එම ගොවිපල පසු කල විට අප පිවිසෙන්නේ දුම්රිය මාර්ගයේ තරමක් ආනතිය වැඩි කොටසකටයි.
පේන විදිහට මේ හරියෙ පල්ලම වැඩියි. :)
කොහොම වුනත් ඉතින් අපි අපේ මාර්ගයේ ඉදිරියටම ගියා. මේ ගමන් වලදි වැඩියෙන්ම අවධානය යොමු කරන්න ඕනෙ කාරණාවක් තමයි ඉදිරියට ඇවිදිද්දි හැකි තරම් දුම්රිය මාර්ගයෙ නැතිව මාර්ගයෙන් පිටත ඇවිදීමට උත්සහ කරන එක. ඒක කකුල් වලට පහසුවක් වගේම ඔබේ පාවහන් වලටත් ආරක්ෂාකාරීයි. හැබැයි ඉතින් තරමක් කල්පනාවෙන් තමයි යන්න ඕන. විශේෂයෙන් මාර්ගයෙන් පිටත, සර්පයන් එහෙම කොල රොඩු ගොඩවල් අස්සෙ ඉන්න පුලුවන්. සාමාන්‍ය සපත්තු වෙනුවට බූට්ස් පැළදීමේ වාසියත් එයයි. මොකද කියනවනම් සර්ප දෂ්ඨනයකදි බොහෝ වෙලාවට ලක්වෙන්නෙ (බිම් මටිටමේ ගැවසෙන සර්පයෝ) පාදයේ පහල ප්‍රදේශය නිසා.

Friday, July 01, 2011

"පට්ටිපොල" සිට සුන්දර හෝර්ටන්තැන්න වන පියස ඔස්සේ "ඔහිය" බලා.... (සිවුවන කොටස)


මිනිත්තු දෙක තුනක පමණ කාලයක් ගතකර, වවුල් ආදි සතුන්ගේ අපද්‍රව්‍ය මුසු අප්‍රසන්න දුර්ගන්ධය සහිත    බිම්ගෙය තුල දුෂ්කර ගමනකින් පසුව කිසිදු අනතුරකින් තොරව ඉවතට පැමිණීමට අපට හැකිවුණා. කෙසේ නමුත් ඉවතට පැමිණෙනවාත් සමගම දුටු දසුනෙන් අප දෙදෙනාගේම හදවත් මොහොතකට සසල වී ගියා.
අහිංසකයෙකුගේ අවසානය

"පට්ටිපොල" සිට සුන්දර හෝර්ටන්තැන්න වන පියස ඔස්සේ "ඔහිය" බලා.... (තෙවන කොටස)


අපේ චාරිකාවට සහභාගිවුනේ දෙදෙනෙක් (මම සහ මගේ මිතුරෙක්) පමණයි. රාත්‍රී දුම්රියෙන් පට්ටිපොලට ලඟා වූ අප දෙනොට එහි තිබු දැඩි ශීත කාලගුණය නිසා, දුම්රිය ස්ථානයේ සේවක රොෂාන්ත මහත්මාගේ කාරුණික අවසරය මත හිරු නැගෙනතුරු දුම්රිය ස්ථානයේ රැඳී සිටීමේ අවස්ථාව ලැබුණා. ඒ අතරතුර කෙටි නින්දකින් වෙහෙස නිවාගන්නටත් අපට හැකි වුනා.
හිරු උදාව - පට්ටිපොල දුම්රිය ස්ථානයේදී කැමරාවට හසුවුනේ මෙහෙමයි

Thursday, June 30, 2011

පෙර සූදානම - "පට්ටිපොල" සිට සුන්දර හෝර්ටන්තැන්න වන පියස ඔස්සේ "ඔහිය" බලා.... (දෙවන කොටස)

<<<< පෙර ලිපියට
සුන්දර පට්ටිපොල දුම්රිය ස්ථානය
      මේ චාරිකාව අපි ආරම්භ කලේ පට්ටිපොල දුම්රිය ස්ථානයෙන්. පට්ටිපොල දුම්රිය ස්ථානයට ලඟාවෙන්න පුලුවන් පහසුම ක්‍රමය තමයි දුම්රියෙන් එන එක. මේ වගේ චාරිකාවක් යන්න කැමතිනම් වඩාත්ම හොඳ විදිය තමයි උදෑසනින් පට්ටිපොලට ලඟාවෙන එක. ඒ සඳහා කොළඹ කොටුවෙන් රාත්‍රී 8.00 පිටත් වන රාත්‍රී තැපැල් දුම්රිය (නිදන මැදිරි සහිත) භාවිතා කරන්න පුලුවන්. එය සාමාන්‍යයෙන් පාන්දර 4.30 පමණ වන විට පට්ටිපොල දුම්රිය ස්ථානයට ලඟා වෙනවා. එතනින් දුම්රියෙන් බැස ඉර එලිය වැටෙනතුරැ ඔබට පට්ටිපොල දුම්රිය ස්ථානයේ රැඳී සිටින්න සිදු වෙනවා.

"පට්ටිපොල" සිට සුන්දර හෝර්ටන්තැන්න වන පියස ඔස්සේ "ඔහිය" බලා.... (පළමු කොටස)

     ඔබ අප බොහෝ දෙනෙක් දන්නා පරිදි අපේ රටේ සුන්දරම අත්දැකීමක් විඳගන්න පුලුවන් දුම්රිය ගමන තමයි උඩරට මාර්ගයේ ගමන් කරන දුම්රියකින් චාරිකාවක් යාම. අතිශයින්ම සුන්දර වටිපිටාවක් ඔස්සේ වැටී තිබෙන මෙම දුම්රිය මාර්ගයේ සුන්දරත්වයෙන් මත්වූ බොහෝ දෙස් විදෙස් සංචාරකයන්, ඡායාරූප ශිල්පීන් ආදී බොහෝ දෙනෙක් මෙම මාර්ගයේ දුම්රිය වල නිරන්තර සංචාර වල යෙදෙනවා. ඒ වගේම නුවරඑලිය දක්වා සංචාරය කරන බොහෝ දෙනෙකුගෙ ප්‍රියතම ප්‍රවාහන මාධ්‍යය වන්නේත් දුම්රිය. ඉතා අලංකාර කඳුපන්ති, දිය ඇලි බෙහොමයක් සපිරුණු අපේ උඩරට දුම්රිය මාර්ගයේ ලබන අත්දැකීමනම් වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දරයි.

      ඒ කෙහොම වුනත් මේ සූදානම් වෙන්නේ දුම්රියක් මගින් ගිය චාරිකාවක් ගැන කතා කරන්න නම් නොවෙයි. අපේ දුම්රිය ක්ෂේත්‍රය විනෝදාංශය කරගත් බොහෝ දෙනෙක් වඩාත් ප්‍රිය කරන "දුම්රිය මාර්ගයේ චාරිකා"  එහෙමත් නැත්තම් Railway Hikes වලින් වඩාත්ම සුන්දර වු එක් චාරිකාවක් මගින් ලබාගත් අත්දැකීම් පිළිබඳව ඔබට කියන්නයි. Railway Hike එකක් කියල අප හඳුන්වන්නේ දුම්රිය මාර්ගයක් ඔස්සේ පයින් ගමන් කරමින් අවට වටපිටාවේ සුන්දරත්වය නිදහසේ විඳගනිමින්  ලබාගත හැකි සුන්දරම අත්දැකීමක්. පරිසරයේ සුන්දරත්වය විඳින්නට කැමති අය, සත්ව නිරීක්ෂණයේ යෙදෙන අය වගේම ඡායාරූප ශිල්පීනුත් මෙවන් චාරිකා සඳහා විශාල කැමැත්තක් දක්වනවා.

පට්ටිපොල - ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය

Sunday, June 19, 2011

෴S3 බලවේග දුම්රිය - උඩරට මාර්ගයේ දෛනික ධාවනයට යෙදූ එකම බලවේග දුම්රිය෴

Original Image here
ක්‍රමක්‍රමයෙන් දුම්රිය සේවා පිලිබඳව මගී ජනයාගේ ප්‍රසාදය ඉහල යාමත් සමග එදිනෙදා දුම්රියෙන් ගමන් කරන මගී සංඛ්‍යාව වැඩි විය. එමගින් ඇති වුණු මගී තදබදය අඩු කිරීමේ විකල්පයක් ලෙස අඩු දුම්රිය එන්ජින් සහ මගී මැදිරි ගෙන්වීමට වඩා අඩු පිරිවැයකින් ධාවනය කල හැකි බලවේග දුම්රියන් ගෙන්වීමට දුම්රිය බලධාරීන්ගේ අවධානය වඩාත් යොමු විය. එහි ප්‍රතිඵලයක් ලෙස S3 දුම්රියද 1959 වසරේදී මෙරටට ගෙන්වා ඇත.

Sunday, June 12, 2011

෴S2 බලවේග දුම්රිය - ශ්‍රී ලංකාවේදී නිෂ්පාදිත මැදිරි යෙදූ මුල්ම බලවේග දුම්රිය෴

හිමිකම:- නලින් අබේසිංහ
S1 බලවේග දුම්රිය මෙරට මුහුදුබඩ මාර්ගයේ යෙදීම ඉතා සාර්ථක වුවත්  S1 දුම්රිය ධාවනයෙන් ඉවත් කරන තුරුම මෙරට මාර්ග සඳහා අලුත් බලවේග කට්ටලයක් හඳුන්වා දීම සිදු නොවිණි.  මෙම S2 බලවේග කට්ටල් මෙරටට ගෙන එන ලද්දේ අවසාන S1 දුම්රිය ධාවනයෙන් ඉවත් කර වසර දෙකකටත් පසුව 1958 වසරේදීය.

Sunday, June 05, 2011

෴S1 බලවේග දුම්රිය - 1938 දී ශ්‍රි ලංකාවට ගෙන එන ලද මුල්ම ඩීසල් බලවේග දුම්රිය෴

     වර්ෂ 1930 තරම් වූ මෑත අතීතය ආසන්න කාලය වන විට ප්‍රවාහන මාධ්‍යයක් ලෙස දුම්රිය, ජනතාව අතර ක්‍රමක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පැවතුනු අතර ලොව රට රටවල දුම්රිය නිෂ්පාදක ආයතන රාශියක් ඒ වන විට දුම්රියයන් නිපදවීම මෙන්ම විවිඨ විශේෂ දුම්රියයන් සඳහා අත්හදාබැලීම් විවිධ කාල වලදී සිදුකර ඇත.  විශේෂයෙන් මගී තදබදය අඩු වේලාවන් වල සහ මාර්ගවල ධාවනය කිරීම සඳහා විශාල දුම්රියයන් වෙනුවට බරෙන් හා අඩු බලයකින් ධාවනය කල හැකි (ඩීසල්) රේල් කාර් නිෂ්පාදනයට ඇතැම් සමාගම් යොමු විය. මේවා ධාවනය සාපේක්ෂව ලාභදායි විය.

Saturday, May 07, 2011

෴W3 දුම්රිය එන්ජිම - W1 එන්ජිමට නව බලසැපයුම් එන්ජින් සවිකර දේශීයව නිපැයූ එන්ජිම෴

ඡායාරූපය Railway Museum වෙබ් අඩවිය 
1969 වර්ෂයේදි මෙරටට ගෙනඑනු ලැබූ වැඩිම එන්ජින් වර්ගය වුණ W1 පන්තියේ දුම්රිය එන්ජින්වල උපරිම සේවා කාලය වර්ෂ 20 කට පමණ සීමා වුනු බව මීට පෙර ලිපි වලදි ඔබ කියවන්නට ඇති. මෙසේ එම වර්ගයේ එන්ජින් විශාල ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත් කරනු ලැබු අතර පසු කලෙකදී දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධානින්ගෙ යෝජනා අනුව මෙම අත්හැර දැමුණු එන්ජින් 10ක් තෝරාගෙන එම එන්ජින් සඳහා  අලුත් එන්ජින් සවි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී.

Saturday, March 19, 2011

෴W2 දුම්රිය එන්ජිම - උඩරට ධාවනයට සුවිශේෂී, ඩීසල් හයිඩ්‍රොලික් වර්ගයේ අධිබලැති එන්ජිම෴

ඡායාරූපය:- THE  PHANTASRAIL GALLERIES

1969 වසරේදීම දේශිය දුම්රිය සේවයට එකතු වූ තවත් හයිඩ්‍රොලික් වර්ගයේ එන්ජිමක් වන මෙම W2 වර්ගයේ එන්ජිම අප රට වෙනුවෙන්ම විශේෂයෙන් සකසන ලද්දක්. නැගෙනහිර ජර්මනියේ නිෂ්පාදනයක් වන මෙම එන්ජින් විශේෂයෙන්ම සකසා ඇත්තේ මෙරට කඳුකර මාර්ගයේ ධාවනය සඳහා බවට කරැණු ඇත. මෙහි සාමාන්‍ය තාක්ෂණික තොරතුරු පහත දැක්වේ.

Saturday, March 05, 2011

෴W1 දුම්රිය එන්ජිම - ශ්‍රී ලංකාවට ගෙනා මුල්ම ඩීසල් හයිඩ්‍රොලික් වර්ගයේ දුම්රිය එන්ජිම෴

ඡායාරූපය http://www.railwaymuseum.lk
        මෙතැන් සිට ඉදිරි ලිපි කිහිපය වෙන් වන්නේ ප්‍රධාන මාර්ග සඳහා භාවිත කරන ඩීසල්-හයිඩ්‍රොලික් වර්ගයේ එන්ජින් පිළිබඳ කරුණු ගෙන එන්නටයි. ප්‍රධාන වශයෙන් අප රටේ ප්‍රවාහන තටයුතු සඳහා යොදන ඩීසල් හයිඩ්‍රොලික් වර්ගයේ දුම්රිය එන්ජින් වර්ග තිබෙන්නෙ වර්ග තුනක් පමණයි. ඒ අතුරින් මුලින්ම ගෙන එනු ලැබූ එන්ජිම වන්නේ W1 ධාවන පන්තියයේ දුම්රිය එන්ජිමයි. (මෙම ලිපි වලදී දුම්රිය එන්ජින් යනුවෙන් අදහස් කරන්නේ මැදිරි සඳහා වෙනම ඈඳන ආකාරයේ එන්ජින් කොටස ගැන විනා බලවේග දුම්රියන් වල එන්ජින් කොටස ගැන නොවේ. ඇතැම් බලවේග දුම්රියන්ද හයිඩ්‍රොලික් තාක්ෂණයෙන් ධාවනය වන අතර ඒවා පිළිබඳව පසු ලිපි වලදී විස්තර කෙරේ.) W1 එන්ජිම පිලිබඳව තාක්ෂණික කරුණු පහත දැක්වේ.

Wednesday, March 02, 2011

෴අපේ රටේ ධාවනය වන දුම්රිය වර්ග ගැන දන්නවාද?෴

         මේ වන විට දේශියව භාවිතා වන සහ වූ M පන්තියේ සියලුම දුම්රිය එන්ජින් ගැන විස්තර ඉදිරිපත් කර අවසන්. එම ලිපිපෙල කියවූ සියලු දෙනාට එයින් යම් අවබෝධයක් ලබාගන්නට හැකිවන්නට ඇති දැනට අප රටේ ධාවනය වන ප්‍රධාන එන්ජින් මොනවාද, ඒවායේ තාක්ෂණික විස්තර හා පසුබිම යනාදී විස්තර මොනවාද යනාදිය පිළිබඳව. M ධාවන පන්තියේ එන්ජින් අතුරෙන් මේ වන විට M1, M3 හැර අනෙක් කාණ්ඩ වල දුම්රිය එන්ජින් බොහොමයක් මේ වන විටත් සාර්ථකව ධාවනය කෙරෙනවා. ඒවායින් ඇතැම් එන්ජින් වල ආයු කාලය වසර 50ක් ඉක්මවා තිබුණත් ඒවා තවමත් ධාවනය කල හැකි තත්වයට තිබෙන්නේ අපේ බොහොමයක් සේවකයන්ගේ කැපවීම නිසයි. දුම්රිය ක්ෂේත්‍රයේ සැලකිය යුතු වගකීම් කොටසක් මෙම M පන්තියේ එන්ජින් මගින් හසුරුවන බව මේ වන විට ඔබ දන්නවා ඇති.

Sunday, February 13, 2011

෴M9 දුම්රිය එන්ජිම - දුම්රිය සේවය උඩුයටිකුරු කල, මෙරටට ගෙන්වූ අධිතාක්ෂණික දුම්රිය එන්ජිම෴

ඡායාරූපය:- Ceylon Railway Museum
බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූ පරිදි අද ඔබට ගෙන එන්නේ සමස්ථ දුම්රිය ක්ෂේත්‍රයම මහත් කැලඹිමකට ලක් කල එන්ජිම වූ M9 හෙවත් Alstom Prima එන්ජිම ගැනයි. මෙම එන්ජින් ගණුදෙනුව ශ්‍රී ලංකාවේ බොහෝ පිරිස් අතර කතාබහකට ලක්වුනා. මෙහි තාක්ෂණික විස්තර පහත දැක්වෙනවා.

Sunday, February 06, 2011

෴M8 දුම්රිය එන්ජිම - අපේ අසල්වැසි රට වන ඉන්දියාවේ නිෂ්පාදනයක්෴

ඡායාරූපය:- Ceylon Railway Museum
1996 වසරේ ලංකාවට ගෙනා මෙම දුම්රිය එන්ජින් ගැන විවිධ කතකන්දර, අදහස්, චෝදනා රාශියක් තිබෙනවා. ඒ පිළිබඳව කතා කරන්නට කලියෙන් අපි මෙහි තාක්ෂණික විස්තර පිලිබඳව මදක් විමසා බලමු.

Friday, January 28, 2011

෴M7 දුම්රිය එන්ජිම - සාමාන්‍ය ධාවන කටයුතු වලට යොදාගන්නා කුඩාම එන්ජිම෴

ඡායාරූපය:- Ceylon Railway Museum
ක්‍රමක්‍රමයෙන් වාෂ්ප දුම්රිය එන්ජින් ධාවනයෙන් ඉවත් කරද්දී අපේ දුම්රිය සේවයට විවිධ වර්ගවල ඩීසල් එන්ජින් ගෙන එනු ලැබුවා. මෙම M7 එන්ජිමත් එලෙස 1981 වර්ෂයේදි අපේ දුම්රිය සේවයට එක්කරන ලද අතර මෙම එන්ජිම තරමක් සුවිශේෂී වනවා. එම කරුණු ගැන විස්තර කරන්නට පෙර මෙහි මුලික කරුණු කිහිපයක් මෙහි පහත පළමුවෙන් විස්තර කෙරෙනවා.

Saturday, January 15, 2011

෴M6 දුම්රිය එන්ජිම - කඳුකරයට සුවිශේෂී සාර්ථකම එන්ජිම෴

උපුටා ගැනීම Ceylon Railway Museum
pic by :- Harsha Herath
        ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට 1979 වසරේදී ගෙන එන ලද තවත් එක් එන්ජින් වර්ගයක් වන M6 පන්තියේ එන්ජින් වර්තමානයේදීත් දුම්රිය සේවයේ භාවිතා වන ඉතාමත් කාර්යක්ෂම සහ අති සාර්ථකම එන්ජිමක්. මේ සතු විශේෂ ලක්ෂණ නිසාම බෙහෙවින්ම උඩරට මාර්ගයේ ධාවනය වන දුම්රිය බොහෝමයක නියමුවා බවට පත්වන්නේ මෙම වර්ගයේ එන්ජින්. මෙම වර්ගයේ එන්ජින් වල සාමාන්‍ය තාක්ෂණික විස්තර පහත දැක්වේ.

Wednesday, January 05, 2011

෴මේ තවත් එන්ජිමක්ද? ~ අගුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴


කරුණාකර මෙම ලිපිය කියවා අවසානයේ ඔබේ අදහස සටහන් කර යන්නේ නම් මැනවි.

෴අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා෴ ඔස්සෙ මේ වෙනකොට ශ්‍රී ලංකාවෙ දුම්රිය සේවය සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා කෙරෙන (M1සහ M3 දැන් ධාවනයේ නැත) ඩීසල් එන්ජින් කිහිපයක් ගැන කරුණු කාරණා, ඡායාරූප ඔබ සැමගේ දැන ගැනීම සඳහා මේ වන විට ඉදිරිපත් කරල තිබෙනවා. ආරම්භ කරල තවමත් මාසයක් වත් ගත නොවුණත් මේ වන විට ආසන්න වශයෙන් 1300කට වඩා වැඩි පිරිසක් මේ අඩවිය වෙත ඇවිල්ල තියෙනවා. දේශීය වගේම විදේශිය ඉන්න පාඨකයන් බොහෝදෙනෙක් මෙයට ඇතුලත්.

Sunday, January 02, 2011

෴M5 දුම්රිය එන්ජිම - Made in Japan෴

M5  -2

මේ තිබෙන්නේ M5 දුම්රිය එන්ජිමක්...

 pamuditha මහතා විසින් ගන්නා ලද ඡායාරූපයක්......

   වාෂ්ප එන්ජින් ක්‍රමයෙන් මාර්ගයෙන් ඉවත් වීමත් සමග එන්ජින් බල ඇණිය ශක් තිමත් කිරීම සඳහා 1960-1980 යුගයේදී ඩීසල් එන්ජින් විශාල සංඛ්‍යාවක් වරින් වර විවිධ රටවල් වලින් මෙරටට ආනයනය කරනු ලදී.   මෙම M5 පන්තියේ ඒන්ජින් එම වැඩපිලිවෙල යටතේ  ජපානයෙන් මෙරටට ආනයනය කර ඇත. මෙරටට හඳුන්වා දුන් M1 දුම්රිය එන්ජිමට පසුව "Dual Cabin"(එන්ජිමේ දෙපසම රියදුරු කුටි) ආකාරයේ එන්ජිමක් ලෙස මෙරටට පැමිණි එන්ජිම වන්නේද මෙම M5 වර්ගයේ එන්ජින්ය. එම ලක්ෂණය නිසා එන්ජිම හැරවීමකින් තොරව පහසුවෙන් දෙපසටම ධාවනය කලහැකි වීම වාසියකි. ( දුම්රිය එන්ජිමක් හරවන ආකාරය සඳහා M4 ලිපියේ ඡායාරූප බලන්න.)