Saturday, March 19, 2011

෴W2 දුම්රිය එන්ජිම - උඩරට ධාවනයට සුවිශේෂී, ඩීසල් හයිඩ්‍රොලික් වර්ගයේ අධිබලැති එන්ජිම෴

ඡායාරූපය:- THE  PHANTASRAIL GALLERIES

1969 වසරේදීම දේශිය දුම්රිය සේවයට එකතු වූ තවත් හයිඩ්‍රොලික් වර්ගයේ එන්ජිමක් වන මෙම W2 වර්ගයේ එන්ජිම අප රට වෙනුවෙන්ම විශේෂයෙන් සකසන ලද්දක්. නැගෙනහිර ජර්මනියේ නිෂ්පාදනයක් වන මෙම එන්ජින් විශේෂයෙන්ම සකසා ඇත්තේ මෙරට කඳුකර මාර්ගයේ ධාවනය සඳහා බවට කරැණු ඇත. මෙහි සාමාන්‍ය තාක්ෂණික තොරතුරු පහත දැක්වේ.

Saturday, March 05, 2011

෴W1 දුම්රිය එන්ජිම - ශ්‍රී ලංකාවට ගෙනා මුල්ම ඩීසල් හයිඩ්‍රොලික් වර්ගයේ දුම්රිය එන්ජිම෴

ඡායාරූපය http://www.railwaymuseum.lk
        මෙතැන් සිට ඉදිරි ලිපි කිහිපය වෙන් වන්නේ ප්‍රධාන මාර්ග සඳහා භාවිත කරන ඩීසල්-හයිඩ්‍රොලික් වර්ගයේ එන්ජින් පිළිබඳ කරුණු ගෙන එන්නටයි. ප්‍රධාන වශයෙන් අප රටේ ප්‍රවාහන තටයුතු සඳහා යොදන ඩීසල් හයිඩ්‍රොලික් වර්ගයේ දුම්රිය එන්ජින් වර්ග තිබෙන්නෙ වර්ග තුනක් පමණයි. ඒ අතුරින් මුලින්ම ගෙන එනු ලැබූ එන්ජිම වන්නේ W1 ධාවන පන්තියයේ දුම්රිය එන්ජිමයි. (මෙම ලිපි වලදී දුම්රිය එන්ජින් යනුවෙන් අදහස් කරන්නේ මැදිරි සඳහා වෙනම ඈඳන ආකාරයේ එන්ජින් කොටස ගැන විනා බලවේග දුම්රියන් වල එන්ජින් කොටස ගැන නොවේ. ඇතැම් බලවේග දුම්රියන්ද හයිඩ්‍රොලික් තාක්ෂණයෙන් ධාවනය වන අතර ඒවා පිළිබඳව පසු ලිපි වලදී විස්තර කෙරේ.) W1 එන්ජිම පිලිබඳව තාක්ෂණික කරුණු පහත දැක්වේ.

Wednesday, March 02, 2011

෴අපේ රටේ ධාවනය වන දුම්රිය වර්ග ගැන දන්නවාද?෴

         මේ වන විට දේශියව භාවිතා වන සහ වූ M පන්තියේ සියලුම දුම්රිය එන්ජින් ගැන විස්තර ඉදිරිපත් කර අවසන්. එම ලිපිපෙල කියවූ සියලු දෙනාට එයින් යම් අවබෝධයක් ලබාගන්නට හැකිවන්නට ඇති දැනට අප රටේ ධාවනය වන ප්‍රධාන එන්ජින් මොනවාද, ඒවායේ තාක්ෂණික විස්තර හා පසුබිම යනාදී විස්තර මොනවාද යනාදිය පිළිබඳව. M ධාවන පන්තියේ එන්ජින් අතුරෙන් මේ වන විට M1, M3 හැර අනෙක් කාණ්ඩ වල දුම්රිය එන්ජින් බොහොමයක් මේ වන විටත් සාර්ථකව ධාවනය කෙරෙනවා. ඒවායින් ඇතැම් එන්ජින් වල ආයු කාලය වසර 50ක් ඉක්මවා තිබුණත් ඒවා තවමත් ධාවනය කල හැකි තත්වයට තිබෙන්නේ අපේ බොහොමයක් සේවකයන්ගේ කැපවීම නිසයි. දුම්රිය ක්ෂේත්‍රයේ සැලකිය යුතු වගකීම් කොටසක් මෙම M පන්තියේ එන්ජින් මගින් හසුරුවන බව මේ වන විට ඔබ දන්නවා ඇති.