Saturday, October 27, 2012

බ්ලොග් එක දැන් ලියන්නේ නැද්ද?

මේ දවස් වල හැමෝම අහන ප්‍රශ්නෙ තමයි ඒක. ඒ නිසා මෙහෙම පෝස්ට් එකක් දාන්න හිතුවෙත්. මේ බ්ලොග් එක ලියන එක කිසිම විදිහකින් නවත්වා නැහැ. මේ දවස් වල රැකියාවේ කාර්යබහුලත්වය නිසාත් සති අන්ත දිනවල විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු වලට සම්බන්ධවිය යුතු නිසාත් අවිවේකියි. තවත් මාස දෙකක් පමණ නිහඬව ඉන්න සිදුවේවි. ඊමේල් සහ වෙනත් ආකාර වලින් විමසීම් කල සහ මෙම අඩවියේ අනෙකුත් සියලු පාඨකයන්ගෙන් සමාව අයදිනවා.

හැකි ඉක්මනින් නැවත හමුවෙමු!!!

ස්තුතියි!!

Wednesday, August 22, 2012

෴G2 class ෂන්ටින් එන්ජිම - ෂන්ටින් සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යෙදූ එන්ජිම෴


ඔබ මෑතකදී බණ්ඩාරවෙල දක්වා දුම්රියෙන් ගමන් කර ඇත්නම් මෙම එන්ජිම ඔබ දැක ඇති බවට සහතිකය. එය මෙරටට ගෙන එන ලද G2 පන්තියේ ඩීසල් ෂන්ටින් එන්ජිමකි. එසේම මෙය ෂන්ටින් කටයුතු සඳහා පමණක් යොදාගත් එන්ජිමක් පමණක් නොවේ. මේ එම ෂන්ටින් එන්ජිම පිළිබඳව සටහනයි.

Monday, July 30, 2012

෴G1 class ෂන්ටින් එන්ජිම - මෙරට දුම්රිය සේවය සඳහා මිලදීගත් මුල්ම ඩීසල් එන්ජිම෴


මෙම ලිපිය වෙන් වන්නේ මෙරට දුම්රිය සේවයේ තවත් එක් ඉතිහාසගත සලකුණක් පිලිබඳව සටහනක් තැබීමටයි. ඒ අන් කිසිවක් නොව මෙරට දුම්රිය සේවය වෙනුවෙන් මුල්ම වරට මිලදීගත් ඩීසල් දුම්රිය එන්ජිම පිලිබඳව විස්තර සටහනක් තැබීම වෙනුවෙනි.

Monday, July 09, 2012

෴Y class Hunslet ෂන්ටින් එන්ජිම - දුම්රිය සේවයේ පුංචි වීරයා෴

පින්තූරය - Dilukshi Hasintha
    මෙවර ලිපියෙන් ඔබගේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වන්නේ ඔබගේ දෑසට නිරන්තරයෙන්ම දිස්වන නමුත් ඔබේ වැඩි අවධානයක් යොමු නොවන තවත් එක් සුවිශේෂි එන්ජින් වර්ගයක් පිලිබඳවයි. පෙනුමෙන් බොහෝ දෙනෙකුගේ සිත් ඇද නොගන්නා මෙම කුඩා එන්ජිම දුම්රිය සේවයට නම් නැතිවම බැරි අපූරු සුරතලෙක්. දුම්රිය සේවයේ භාවිතා වන අනෙකුත් එන්ජින් වලට සාපේක්ෂව ප්‍රමාණයෙන් හා බලයෙන් අඩුම තැන් ගන්නා මෙම එන්ජිම සිය දෛනිකව දුම්රිය සේවය වෙත ලබා දෙන්නා වූ සේවයනම් සුලුපටු නොවේ.

Monday, June 18, 2012

රේල් පාර දිගේ හයික් එකක් යන්න ඔබත් කැමතිද....

"රේල් ෆැන් කෙනෙක් එහෙමත් නැතුව සාමාන්‍ය අයගේ භාෂාවෙන් කියනවනම් කෝච්චි පිස්සෙක් විදියට මට ගොඩක් අයගෙන් අහන්න ලැබෙන දෙයක් තමයි හයික් එකක් යන්න ආසයි ඒ ගැන විස්තරයක් කියන්න කියන එක. මේ තියෙන්නේ මම ටික කලකට කලින් සඟරාවකට ලියන්න සකස් කරපු ලිපියක්. හයික් එකක් යන්න ආස අයට මේක වැදගත් වෙයි කියල හිතෙනවා."


Monday, June 11, 2012

ප්‍රථම වරට ශ්‍රී ලාංකීය දුම්රිය ලෝලීන් වෙනුවෙන් ද්වි භාෂා (සිංහල ඉංග්‍රීසි) වර්ණ සඟරාවක් නිකුත් වෙයි.


ශ්‍රී ලංකාවේ දුම්රිය පිලිබඳව උනන්දුවක් දක්වන සැම වෙත දිවයිනේ පළමු වරට නිකුත් කෙරෙන සඟරාව ලෙස "ලංකා රේල්වේ ඩයිජෙස්ට්” (Lanka Railway Digest) සඟරාව පසු ගිය දා එළි දක්වනු ලැබීය.

Monday, May 14, 2012

෴S11 බලවේග දුම්රිය - මෑත කාලයේදී වඩාත්ම කතාබහට ලක්වූ ඉන්දියානු බලවේග දුම්රිය෴

පලමු S11 කට්ටලය (894) මරදාන දුම්රිය ස්ථානයේදී...
තරමක නිහැඬියාවකින් පසු මේ ලිපිය ලියවෙනුයේ මෑත කාලීනව විශාල ආන්දෝලනාත්මක කතා බහකට ලක්වූ තවත් බලවේග දුම්රියක් පිලිබඳව කරුණු කිහිපයක් ඔබට ගෙන ඒමේ අරමුණෙන්. කෙසේ වුවද මෙම වර්ගයේ දුම්රියන් මෙරටට ගෙනවිත් වසරක්වත් නොවන හෙයින් ඒ පිලිබඳව ස්ථිර නිගමනයන්ට එළඹිම සුදුසු නොවන බවද සැලකිය යුතුය. S11 යන ධාවන පන්තිය යටතේ මෙරට ධාවනයට එක් කරන ලද මෙම දුම්රියන් වල තාක්ෂණික විස්තර පහත දැක්වේ.

Monday, March 19, 2012

෴S10 බලවේග දුම්රිය - ශ්‍රී ලංකාවේ දුම්රියන් අතරින් තාක්ෂණයෙන් සහ බලයෙන් උපරිම වන බලවේග දුම්රිය෴


 
        චීන S9 බලවේග දුම්රිය මෙරටට ආනයනය කොට වසර අටකට පමණ පසු තවත් බලවේග දුම්රිය කට්ටල කිහිපයක අවශ්‍යතාව සපුරාලීම සඳහා වීනයෙන් මෙම S10 පන්තියේ බලවේග දුම්රියන් ආනයනය කරන ලදී. සුවිශේෂි තාක්ෂණික අංගෝපාංග රැසකින් ජව ගැන්වෙන මෙම S10 පන්තියේ දුම්රියන් මගින් මේ වන විට මෙරට දුම්රිය මගී ප්‍රවාහන සේවයේ දෛනික මෙහෙයුම් සේවා සඳහා සැලකියයුතු දායකත්වයක් දක්වනු ලැබේ.

Wednesday, March 07, 2012

ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්....(අවසාන කොටස)

කලින් පෝස්ට් එක බ්ලොගර් වල මොකක් හරි අවුලක් නිසා තුන් පාරක් පබ්ලිෂ් වෙලා තිබුණා. ඒක හන්දා මට වැඩිපුර පබ්ලිෂ් වෙලා තිබුණු පෝස්ට් දෙක ඉවත් කරන්න වුණා. ඒකට කමෙන්ට් දාපු හැමෝගෙන්ම මම සමාව ඉල්ලනවා.

පෙර කොටසින්... 
අපි බලාපොරොත්තුවෙන් ආපු දේ කිසි අඩුවක් නැතුව සම්පූර්ණ කරගත්තු අපිට මේ සේරටම පස්සේ තව වැදගත් තීරණයක් ගන්න සිදුවුනා.......

අද එතැන් සිට...

        ඒ වෙන මොකුත් නෙමෙයි. මමත් තූර්යත් පහලට බැස්ස හන්දා ආපහු උඩට නගින්න කම්මැලියි වගේ. ඒ නිසා අනෙක් සාමාජිකයෝ දෙන්නට පහලට එන්න කියමුද කියලා. ඊට පස්සේ අපි ආපහු කල්පනා කරලා තීරණය කරා දුම්රිය මාර්ගයේ ඒ කොටසත් බලාගෙනම යමු කියලා අපි දෙන්නා ආපහු මාර්ගයේ ඉහල කොටසට නගින්න තීරණය කලා. 

තූර්යගෙ ඈංගල්ස්

Thursday, March 01, 2012

ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්.... (සිවුවන කොටස)

පෙර කොටසින්...
මග දිගටම වගේ මේ වගේ පිස්සු නට නටා ගිය අපි අන්තිමේදි අපේ ටාගට් පොයින්ට් එකට ලඟා වුනා.

අද එතැන් සිට..


        ග්‍රේට් වෙස්ටර්න් වලින් පිටත් වෙලා කිලෝමීටර කීපයක් එනකම්ම වගේ සාමාන්‍ය ආනතියක් තිබුනු රේල් පාර ක්‍රමයෙන් සැලකිය යුතු ආනතියක් සහිත කලාපයක් බවට පත් වෙන ලකුණු පෙනෙන්නට තිබුණා. කලින් පෝස්ට් එකේ තිබුණ අන්තිම පින්තූරේ තියෙන තැන ඉඳලා ටිකදුරක් යද්දිම වගේ අපි බලාපොරොත්තුවෙන් ආපු විශේෂ කලාපය අපට හමු වුණා. ඒක ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් පුදුම උපදවන සුලු පිහිටටීමක්. මදකට නැවතත් මෙම ප්‍රදේශයේ සිතියම බලමු.



            මේ සිතියමේ පෙනෙන පරිදි අංක 1න් දැක්වෙන ස්ථානයෙදි තමයි අපිට මුලින්ම මේ සුවිශේෂි පිහිටිම පලමු වරට පෙනෙන්න පටන් ගන්නේ. දුම්රියෙන් ගමන් කරද්දි මේ ස්ථානය අනන්තවත් දැකල තිබුණත් පලමු වරට මේ තරම් නිදහස් විදියට මෙතන දැකගත්ත එක අපි හතර දෙනාගෙම සිත් වලට අමන්දානන්දයක් වුනා. කොහොම වුනත් තැන හරියටම හරිද කියල දැනගන්නත් එක්ක මම මගේ දුරකථනයේ තියෙන GPS පහසුකමත් උපයෝගී කරගෙන මේ කලාපයේ සිතියම පරීක්ෂා කලා. තැන හරියටම හරි. දැන් ඉතින් වැඩ පටන් ගන්නයි තියෙන්නෙ. අපි සූදානම් කරගෙන ආපු විදියට ඉහලට ධාවනය වෙන දුම්රියට තියෙන්නෙත් තව සුලුකාලයයි.

Thursday, February 23, 2012

ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්.... (තෙවන කොටස)


අද එතැන් සිට..

        ලෑස්ති කරගෙන ආපූ කෑම බීම ටික විනාඩියක් යද්දි කෙහෙද කියලා හොයාගන්නත් නැති වුනා. ඊට පස්සේ ඉතින් ඔන්න අපේ ගමන් මලු ටිකත් කරගහගෙන පාරට බැස්සා. නෑ නෑ ඒ කිවුවේ රේල් පාරට බැස්සා මහා බටහිර ඉඳන් තලවකැලේ පැත්තට යන්න. ඒ වෙනකොට වෙලාව උදේ 6.30ට වගේ ඇති. රත්තරන් පාටින් ඉර බැබලෙන්න පටන් ගත්තා විතරයි. ලාවට වගේ පැතිරුන සීතලත් එක්ක ඉර එලියෙන් දිලිසෙන වටපිටාව අපේ ගමනට ලොකු ශක්තියක් වුනා.
මේ තියෙන්නේ ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයේ පිහිටල තියෙන දුර දැක්වෙන කණුව.
කොළඹ ඉඳන් මෙතනට කිලෝමීටර 198ක් තියෙනවා.

Monday, February 20, 2012

ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්.... (දෙවන කොටස)

පෙර කොටසින්...

අද එතැන් සිට-

කෝච්චියේ වෙච්ච තාඩන පීඩන බොහොමයක් මැද්දේ මමත් ඉන්දරේත් තරමක් නොසන්සුන් වෙලා හිටියේ.  අපි ගමන් කරපු මැදිරියේ හිටපු දෙපිරිසක් මත්පැන් බී සින්දු කියමින් නටන්න පටන්ගත්තු නිසා අපිට හරිහැටි ඇහැපියව ගන්න වත් ලැබුනෙ නැහැ. ඒත් අපේ අනෙක් සගයෝ දෙන්නානම් කිසි අවුලක් නැතුවම වාගේ ගමන් කරලා තිබුණා. ඒ හේතුව නිසාම ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයෙන් බැස ගැනීම මටත් ප්‍රවීන්ටත් මහත් අස්වැසිල්ලක් වුණා.
අපි ආපු දුම්රිය ඔන්න බදුලු යන්න පිටත් වුණා.
ඔය ඉන්නේ සගයො තුන් දෙනා. මම කැමරාව පිටිපස්සේ.
මග දිගටම කෝච්චියෙ එද්දි ගස් කොලන් අතරින් පතරින් අපි දුටුව ලස්සන දර්ශනයක් අපිට වඩාත් පැහැදිලිවම වගේ දැකගන්න පුලුවන් වුනා. ඉන්දරේ නම් කෝච්චිය ගිය සැනින් එහා පැත්තේ වේදිකාවට දිවුවා කැමරාවත් උස්සගෙන. මේ තියෙන්නෙ ඔහුට කැමරාවට හසුකරගන්න පුලුවන් වුන පින්තූරේ. බලන්නකො අඳුන ගන්න පුලුවන්ද කියලා.

Saturday, February 18, 2012

ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්.... (පළමු කොටස)

        ටික දවසක නිහැඬියාවකින් පස්සේ ඔන්න මේ හදන්නෙ ලංකාවෙ දුම්රිය මාර්ගයක ගමන් පයින් ගියපු චාරිකාවක් එහෙමත් නැත්තං හැමෝම දන්න සිංහලෙන්ම කියනවනං රේල් හයික් එකක් ගැන චාරිකා සටහනක් ඔයාලට ගෙන එන්නයි. පහුගිය ටිකේ දිගටම කෝච්චි ගැනම ලියපු හන්දා පොඩි වෙනසකටත් එක්ක මම තීරණය කලා චාරිකා සටහනක් ගැන විස්තරයක් ලිවුවොත් හොඳයි කියලා. ගොඩක් අය පුද්ගලිකවත් කිහිපවාරයක්ම කිවුනේ දැන් ආපහු චාරිකා පෝස්ට් එකක් දැම්මොත් හොඳයි කියලා.

Wednesday, January 04, 2012

෴S9 බලවේග දුම්රිය - 100km/h යා හැකි, චීනයෙන් ගෙනා මුල්ම බලවේග දුම්රිය෴


        වසර 2000 දුම්රිය සේවයට වැදගත් වර්ෂයක් සේ සැලකිය හැකිය. ඉන් එක් හේතුවක් වනුයේ මෙරට දුම්රිය මාර්ගයන් සඳහා සුවිශේෂි සේවයක් සලසනු ඇතැයි සලකා ගෙන්වූ M9 එන්ජිම මෙරටට ගෙන්වූ වර්ෂය එය වීමයි. ඒ එසේ වුවද එම වසරේම මෙරටට ගෙන්වූ තවත් එක් නිෂ්පාදනයක් වැඩි ප්‍රසිද්ධියක් නොමැතිව වුවද මෙරට දුම්රිය සේවා යහපත් කිරීමෙහි ලා විශාල සේවාවක් ඉටු කරයි. ඒ S9 වර්ගයේ බලවේග කට්ටලයන්ය.