Thursday, February 23, 2012

ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්.... (තෙවන කොටස)


අද එතැන් සිට..

        ලෑස්ති කරගෙන ආපූ කෑම බීම ටික විනාඩියක් යද්දි කෙහෙද කියලා හොයාගන්නත් නැති වුනා. ඊට පස්සේ ඉතින් ඔන්න අපේ ගමන් මලු ටිකත් කරගහගෙන පාරට බැස්සා. නෑ නෑ ඒ කිවුවේ රේල් පාරට බැස්සා මහා බටහිර ඉඳන් තලවකැලේ පැත්තට යන්න. ඒ වෙනකොට වෙලාව උදේ 6.30ට වගේ ඇති. රත්තරන් පාටින් ඉර බැබලෙන්න පටන් ගත්තා විතරයි. ලාවට වගේ පැතිරුන සීතලත් එක්ක ඉර එලියෙන් දිලිසෙන වටපිටාව අපේ ගමනට ලොකු ශක්තියක් වුනා.
මේ තියෙන්නේ ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයේ පිහිටල තියෙන දුර දැක්වෙන කණුව.
කොළඹ ඉඳන් මෙතනට කිලෝමීටර 198ක් තියෙනවා.

Monday, February 20, 2012

ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්.... (දෙවන කොටස)

පෙර කොටසින්...

අද එතැන් සිට-

කෝච්චියේ වෙච්ච තාඩන පීඩන බොහොමයක් මැද්දේ මමත් ඉන්දරේත් තරමක් නොසන්සුන් වෙලා හිටියේ.  අපි ගමන් කරපු මැදිරියේ හිටපු දෙපිරිසක් මත්පැන් බී සින්දු කියමින් නටන්න පටන්ගත්තු නිසා අපිට හරිහැටි ඇහැපියව ගන්න වත් ලැබුනෙ නැහැ. ඒත් අපේ අනෙක් සගයෝ දෙන්නානම් කිසි අවුලක් නැතුවම වාගේ ගමන් කරලා තිබුණා. ඒ හේතුව නිසාම ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයෙන් බැස ගැනීම මටත් ප්‍රවීන්ටත් මහත් අස්වැසිල්ලක් වුණා.
අපි ආපු දුම්රිය ඔන්න බදුලු යන්න පිටත් වුණා.
ඔය ඉන්නේ සගයො තුන් දෙනා. මම කැමරාව පිටිපස්සේ.
මග දිගටම කෝච්චියෙ එද්දි ගස් කොලන් අතරින් පතරින් අපි දුටුව ලස්සන දර්ශනයක් අපිට වඩාත් පැහැදිලිවම වගේ දැකගන්න පුලුවන් වුනා. ඉන්දරේ නම් කෝච්චිය ගිය සැනින් එහා පැත්තේ වේදිකාවට දිවුවා කැමරාවත් උස්සගෙන. මේ තියෙන්නෙ ඔහුට කැමරාවට හසුකරගන්න පුලුවන් වුන පින්තූරේ. බලන්නකො අඳුන ගන්න පුලුවන්ද කියලා.

Saturday, February 18, 2012

ග්‍රේට්වෙස්ටර්න් සිට තලවකැලේ දක්වා දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින්.... (පළමු කොටස)

        ටික දවසක නිහැඬියාවකින් පස්සේ ඔන්න මේ හදන්නෙ ලංකාවෙ දුම්රිය මාර්ගයක ගමන් පයින් ගියපු චාරිකාවක් එහෙමත් නැත්තං හැමෝම දන්න සිංහලෙන්ම කියනවනං රේල් හයික් එකක් ගැන චාරිකා සටහනක් ඔයාලට ගෙන එන්නයි. පහුගිය ටිකේ දිගටම කෝච්චි ගැනම ලියපු හන්දා පොඩි වෙනසකටත් එක්ක මම තීරණය කලා චාරිකා සටහනක් ගැන විස්තරයක් ලිවුවොත් හොඳයි කියලා. ගොඩක් අය පුද්ගලිකවත් කිහිපවාරයක්ම කිවුනේ දැන් ආපහු චාරිකා පෝස්ට් එකක් දැම්මොත් හොඳයි කියලා.