Wednesday, July 24, 2013

කඳුලු සලන එන්ජින් - දැවැන්තයන්ගේ අවසාන ඉරණම

Pic - Lanil Thilanjana
යටත් විජිතසමයේදී භාණ්ඩ ප්‍රවාහන පහසුකරගැනීම උදෙසා මෙරටදී ආරම්භ කරන ලද දුම්රිය සේවය කලින් කලට විවිද අංශවලින් දියුණුවට පත්වීමත් සමග එහි භොතික සම්පත් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩිවන්නට විය. බලයෙන් වැඩි එන්ජින්, සේවා යන්ත්‍ර ආදී නොයෙකුත් යන්ත්‍රසූත්‍ර, මැදිරි හා ගැල්, උපකරණ ආදී නොයෙක් දෑ ඒ අතර විය. ඉතා කාර්යක්ෂම සේවාවක් සැපයීමෙහිලා මේවා දුම්රිය සේවයට නැතිවම බැරි දෑ වූ අතර ඉන් බොහෝ ප්‍රමාණයක් ඒවායේ අපේක්ෂිත ආයුකලය මෙන් දෙගුණයකටත් වඩා කල් තම සේවය ඉටුකල විශිෂ්ඨ ගණයේ යන්ත්‍රසූත්‍ර/ උපකරණ වීම විශ්මයට කාරණයකි. මෙයින් සමහරක් දෑ දේශීය නිපැයුම් වූ අතර තවත් ප්‍රමාණයක් මෙරටදී එකලස් කර ලද ඒවා වීමද විශේෂත්වයකි.

Saturday, March 02, 2013

෴Y1 දුම්රිය එන්ජිම - තවත් සාඩම්බර ශ්‍රී ලාංකික නිපැයුමක්෴

මෙවර ලිපිය වෙන් වනුයේ මෙරට දුම්රිය සේවයේ තවත් එක් සුවිශේෂි සන්ධිස්ථානයක් සටහන් කල නිමැවුමක් පිලිබඳව විස්තර ගෙන ඒමේ අරමුණෙනි. ඒ බොහෝ දෙනෙකු සැබැවින් දැක නැති Y1 ධාවන පන්තියේ ෂන්ටින් එන්ජිමයි. මෙම එන්ජිමද මෙරට තවත් ඉතා සාඩම්බර නිපැයුමක් වීම මෙරට දුම්රිය ලෝලින්ටනම් මහත් වූ අභිමානයකි. මේ එම ෂන්ටින් එන්ජිම පිළිබඳව සටහනයි.

Monday, February 25, 2013

අවුරුදු හැත්තෑ පහකට කලින් ධාවනය වූ මුල්ම බලවේග කට්ටලය.

-පූර්විකාව-
අද, එනම් (2013-02-25) වන දිනට මෙරට දුම්රිය මාර්ගයක බලවේග කට්ටලයක් ධාවනය වී වසර 75ක් සපිරේ. ඒ පිලිබඳව සමරු සටහනක් අද දින ලක්බිම පුවත් පතෙහි පල කර ඇත. කෙසේ වුවද එම ලිපියෙහි ඇතැම් කොටස් ලිපිය පලකිරීමේදී සංශෝධනය කර ඇති නිසා සම්පූර්ණ ලිපිය පළකිරීම සඳහා එහි රචක නලීන් අබේසිංහ මහතා විසින් එවා ඇත. එම ලිපිය එතුමන්ගේ ඉල්ලීම මත මෙසේ පලකෙරේ.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Tuesday, February 19, 2013

යකඩ යකා සමගින් නැවතත් ඉදිරියට....


        පුරා මාස හතරක පමණ කාලයක් තිස්සේ නිහඬව තිබූ මෙම බ්ලොග් අඩවියේ වැඩ කටයුතු නැවත ආරම්භ කරන්නයි මේ සූදානම.  විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ අවසන් විභාග කටයුතු නිසා බ්ලොග්කරණයෙන් ඈත්ව සිටි කාලය පුරාවට සොයා බැලු සහ බ්ලොග් අඩවිය පිලිබඳව විමසීම් කල සියලුදෙනා ඉතා ආදරයෙන් මතක් කරන අතර  ඔවුන් ඇතුලු මෙම බ්ලොග් අඩවියේ නිත්‍ය පාඨකයන්ට තවත් සතුටුදායක පුවතකුත් දැනුම් දිය යුතුව ඇත. එනම් පසුගිය දිනකදී මෙම බ්ලොග් අඩවියට ඇගයීමක් ලැබුන පුවතයි.


       පසුගිය වසරේ පැවති බස්රේඩියෝ බ්ලොග් සම්මාන තරගයෙදී හොඳම තාක්ෂණික බ්ලොග් අඩවියයටතේ ඇගයීමකට ලක්කොට සහතිකය හිමි වූයේ මෙම අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකාඅඩවියටයි. මෙය පොදුවේ ගත් කල පුද්ගලික ජයග්‍රහණයක් ලෙස නොව මෙහි සියලු දේ වෙනුවෙන් නාමිකව හෝ දායක වන සහ පාඨක ඔබ සැම දෙනා එම ජයග්‍රහණය පිටුපස සිටින බව සටහන් කරන්නේ හද පිරි සතුටෙනි. එබැවින් එම ජයග්‍රහණයේ  ගෞරවය සියලුදෙනාටම සමසේ හිමිවිය යුතු බව මෙහිලා සටහන් කරනු කැමැත්තෙමි.

     එසේම එම තරගාවලිය පවත්වන්නට යෙදුනු බස්රේඩියෝවටත් එහි කාර්ය මණ්ඩලයයේ සාමාජික සාමාජිකාවන්ටත් සියලු දුම්රිය ලෝලින් වෙනුවෙන් සුභාෂිංශන පුද කල යුතුය. අවසන වශයෙන්, මෙම බ්ලොග් අඩවිය සමග නිරන්තරයෙන් රැඳී සිටින පාඨක ඔබ සැමට ස්තුතිය පුද කරනු කැමැත්තෙමි. ඉදිරි ලිපියකින් හැකි ඉක්මණින් හමු වෙමු.