Tuesday, February 04, 2014

෴S12 බලවේග දුම්රිය - උඩරට කඳුකරයේ ඔබ මොබ දිව යන නිල් යක්කු෴

ඡායාරූපය - ගයන්ත සමරදිවාකර
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය වඩාත් පහසු කිරීම සඳහා බලවේග දුම්රිය යෙදවීමේ අදහස දුම්රිය බලධාරීන් විසින් කාලයක් තිස්සේ සැලකිල්ලට ගැනිමෙන් පසු උඩරට සහ කැළණිවැලි දුම්රිය මාර්ග වල ධාවනය කරවීම සඳහා චීනයෙන් මෙම S12 පන්තියේ බලවේග දුම්රියන් ආනයනය කරන ලදී. S10 වර්ගයේ දුම්රියන්ට හැඩයෙන් අතිශයින්ම සමාන මෙම දුම්රියන් වල අලුත් අංගෝපාංග සහ පහසුකම් රැසක් සහිතව නිපදවා ඇත.
  • දුම්රිය එන්ජින් වර්ගය    Diesel Electric
  • බල සැපයුම් එන්ජිම -  MTU 12V4000R41
  • උපරිම බලය -  1950hp(1450kW) - 1800RPM
  • උපරිම වේගය -  100 km h (80km h වලට සීමා කර ඇත)
  • මැදිරියක  දිග               -  50 feet
  • Axel Arrangement -  Bo-Bo
  • එන්ජින් මැදිරියක බර -  ටොන් 76
  • වර්ණය  -  නිල් පැහැය (තද පැහැය උඩරට සහ ලා පැහැය කැළණිවැලි)
  • දුම්රිය කට්ටල ගණන  -  13
  • එන්ජින් සහිත එලැවුම් මැදිරි - 23  (No 917-939)

        උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කරන දුම්රියන් තරමක් පැරණි වීම සහ ඒවායේ පහසුකම් අවම වීම යන කරුණු සැලකිල්ලට ගෙන උඩරට මාර්ගයේ ධාවනය කරවීම සඳහා නව දුම්රියන් කිහිපයක අවශ්‍යතාවය කලක පටන්ම ඇතිවී තිබිණි. ඒ අනුව චීන රජයේ සමග ඇතිකරගත් ගිවිසුම් වලට අනුව චීන එක්සීම් බැංකුවේ දිගු කාලීන ණය පහසුකම් මගින් මෙම දුම්රියන් මෙරටට ආනයනය කරන ලදී. මෙම දුම්රියන් නිපදවා ඇත්තේ අපට හුරුපුරුදු, S9 සහ S10 බලවේග දුම්රියන් නිපදවූ චීනයේ CSR හෙවත් China South Locomotive and Rolling Stock Corporation නැමැති සමාගමෙනි.

   මෙම දුම්රිය කට්ටලයන් උඩරට මාර්ගයේ මෙන්ම කැළණිවැලි මාර්ගයේද ධාවනය කරවිය හැකි ලෙසට නිපදවා තිබේ. ඒ සඳහා උඩරට මාර්ගයට ගැලපෙන ලෙස දුම්රිය කට්ටල කිහිපයක් සහ කැළණිවැළි මාර්ගයට ගැලපෙන ලෙස නිපදවූ කට්ටල කිහිපයක් ආනයනය කර තිබේ. ඒවායේ වෙනස්කම් පහත විස්තර කර ඇත.

මෙම දුම්රිය කට්ටල වල පිලියෙල කිරීම පහත පරිදි වේ

  • උඩරට මාර්ගය                                   - දුම්රිය කට්ටල 7ක් (ද්විත්ව එන්ජින්)
  • කැළණිවැලි මාර්ගය                           - දුම්රිය කට්ටල 4ක්  (එක් එන්ජිමක් සහිත)
  • සම්පුර්ණයෙන් වායුසමීකරණය කල  - දුම්රිය කට්ටල 2ක්  (ද්විත්ව එන්ජින්)

මේ අනුව මුලු දුම්රිය එන්ජින් සංඛ්‍යාව 22ක් විය යුතු වුවද එන්ජින් 23ක් ආනයනය කර තිබේ. එනම් අමතර දුම්රිය එන්ජිමක්ද ආනයනය කල එන්ජින් බලඇණියට අයත්ය. මීට අමතරව සෑම දුම්රිය මැදිරි වර්ගයකින්ම අමතර එකක් බැගින් ගෙන්වා තිබීමද විශේෂත්වයක් ලෙස දැක්විය හැකිය. මේ අනුව එන්ජින් සහ දුම්රිය මැදිරි සියල්ලේම එකතුව 120ක් වේ. අවශ්‍යතා අනුව එම එන්ජින් සහ මැදිරි උපයෝගී කරගෙන දුම්රිය කට්ටලයන් පිලියෙල කිරීමේ හැකියාව ඇත.

        මෙම දුම්රියන් වල තාක්ෂණික පිරිවිතරයන් (Technical Specification) සෑම අතින්ම S10 පන්තියේ බලවේග දුම්රියන්ට සමාන වන අතර එම විස්තර දැනගැනීමට S10 දුම්රිය පිලිබඳ ලිපියට යොමු වන්න.

උඩරට මාර්ගයේ සහ කැළණිවැලි මාර්ගයේ ධාවනය කරන දුම්රිය කට්ටලයන් අතර කැපීපෙනෙන වෙනස්කම් කිහිපයක්ද තිබේ. මෙයින් කැපිපෙනෙන වෙනස වනුයේ  උඩරට කට්ටලයන් වල ආලේප කර ඇති වර්ණයට වඩා තරමක් ලා පැහැයක් කැළණිවැලි දුම්රිය කට්ටල වල ආලේප කර තිබීමයි. එමෙන්ම මේ දුම්රිය කට්ටල වල දකින්නට අනෙක් සුවිශේෂි වෙනස් කම වනුයේ එක් එක් උඩරට දුම්රිය කට්ටලයන් සඳහා එන්ජින් දෙකක් බැගින් යොදා තිබීමයි. (කැළණිවැලි කට්ටල වන ඇත්තේ එක් එන්ජිමක් බැගිනි. )

        ඉදිරියෙන් සහ පසුපසින් ඈඳා ඇති  (Push & pull type) මෙම එන්ජින් දෙකෙහිම රියදුරු කුටියක් බැගින් තිබෙන අතර නියාමකට ගමන්කල හැකි කොටසද එම එන්ජින් මැදිරියේම සකසා තිබේ (MCG) . නියාමක සඳහා වෙන්කල වැසිකිලියක් එහිම සකසා තිබීමද විශේෂත්වයකි.
      
රියදුරු කුටියෙහි ඇති පරිගණක තිරය
        උඩරට මාර්ගයේ ධාවනය වන දුම්රියන් වල ආසන ඇත්තේ සාමාන්‍ය දුම්රියන් වල ආසන පිහිටා ඇති ආකාරයටය. ගාස්තු ක්‍රමයන්  අනුව 1 පන්තිය, 2 පන්තිය සහ 3 පන්තිය (වර්තමාන E Class) ලෙස මැදිරි වර්ග කොට ඇති අතර ඒ ඒ පන්තීන් සඳහා වෙනස් පහසුකම් අන්තර්ගත කර තිබේ. වායුසමීකරණය කර ඇති පළමු වන පන්තිය සුඛෝපභෝගී ලෙස සකසා ඇති අතර එහි ආසන ද වඩාත් සුවපහසු ලෙස සකසා තිබේ. අභ්‍යන්තර LCD තිර දෙකක් සහ ශ්‍රව්‍ය පද්ධතියක්ද මෙයට අඩංගු කර තිබේ.

        පළමු පන්තියේ අභ්‍යන්තර ද්වාර ක්‍රියාත්මක කරනුයේ ස්පර්ෂ සංවේදි ස්විචයන් මගිනි. එමෙන්ම එම දුම්රිය මැදිරියේ විදුලි පේනූ (Power Sockets) කිහිපයක්ද ඇති නිසා මගීන්ට ගමන අතර තුරදී තමන්ගේ ලැප්ටොප් යන්ත්‍ර භාවිතා කිරීම හෝ ජංගම දුරකථන ආරෝපණය කරගැනීම වුවද සිදුකරගත හැකිය. පළමු පන්තියේ ආසන අවශ්‍ය විටෙකදි ඉදිරියට හෝ පසුපසට හරවාගත හැකිය.

උඩරට කට්ටලයක පළමුවැනි පන්තියේ
ඇතුලත ආසන සැකැස්ම
        දෙවැනි පන්තිය ඉහත විස්තර කල පහසුකම් නොමැති වුවද එහි ආසන තුන්වැනි පන්තියට වඩා තරමක් සුවපහසු අයුරින් නිමවා ඇත. දෙවැනි පන්තියේ ආසන සඳහා ඇකිලිය හැකි කුඩා මේසයක් සහ තෙවැනි පන්තිවල ආසන සඳහා ස්ථිරව සවිකල කුඩා මේසයක් බැගින් ඇතුලත් කර තිබීමද විශේෂත්වයකි. (ඡායාරූප බලන්න). එසේම මෙම උඩරට දුම්රිය කට්ටලයන් සඳහා භෝජනාගාර රථයක්ද බැගින්ද ඈඳා තිබේ.

        එක් එක් උඩරට දුම්රිය කට්ටලයක් මැදිරි 10කින් සමන්විත වන අතර එන්ජින් මැදිරි දෙකක්, පළමු පන්තියේ මැදිරි වායු සමීකරණය කල මැදිරියක්, භෝජන ශාලා මැදිරියක් සහ ආසන වෙන්කරවාගත හැකි (Reserved) දෙවන සහ තෙවන පන්ති වල මැදිරිය බැගින් සහ පිලිවෙලින් දෙවන සහ තෙවන පන්තිවල සාමාන්‍ය මැදිරි දෙක බැගින් ඈඳා ඇත. සියලු මැදිරි සඳහා අභ්‍යන්තරව ඇමතිය හැකි සන්නිවේදන පද්ධතියක් මෙම දුම්රියන් වල ඇතුලත් කර තිබේ.

       මෙම දුම්රිය කට්ටලයන් යෙදවීම පෙර බදුල්ල දක්වා ධාවනය කල දුම්රිය වලින් මහනුවර බලා ගමන් කල මගීන්ට පේරාදෙණියෙන් බැස වෙනත් දුම්රියක පිහිට පැතීමට සිදුවිය. ඒ එම දුම්රියන් මහනුවර දක්වා ධාවනය නොකල බැවිනි. එයට හේතුව ඒවා මහනුවරදී එන්ජිම ගලවා ඉදිරියට සවිකීරීමට අමතර කාලයක් ගතවීම නිසාය. එහෙත්  මෙම බලවේග කට්ටල යෙදවීමෙන් පසු ඒවායේ, සාමාන්‍ය දුම්රිය කට්ටල වල මෙන් එන්ජින් ගලවා පසුපසට ඈඳිමක් සිදුකිරීම අනවශ්‍ය නිසා ඒ සඳහා වැය වන වේලාව ඉතිරිවේ. එබැවින් උඩරට මැණිකේ සහ පොඩිමැණිකේ යන දුම්රියන් දෙකම මහනුවර බලා ධාවනය කල හැකි වීමද අමතර වාසියකි.

උඩරට කට්ටල වල මෙන්ම මෙම කැළණිවැලි කට්ටලයන් වල ද මැදිරි එකිනෙක අතර ගමන් කිරීමේ (Vestibule) පහසුකමින් සමන්විත වේ. (කැළණිවැලියේ සුපුරුදු S8 දුම්රිය කට්ටල වල මෙම පහසුකම අන්තර්ගත නොවේ.)
පළමුපන්තියේ මැදිරි අනෙක් මැදිරි වලින් වෙන් වන දොර
විවෘත කිරීම සඳහා ස්පර්ෂ සංවේදී ස්විචය භාවිත කල යුතුය
        කැළණිවැලි කට්ටල වල එක් එක් දුම්රිය කට්ටලයන්ල එන්ජිම සහිත එලැවුම් මැදිරියකින්, මගී මැදිරි 4කින් සහ එන්ජිම රහිත එලැවුම මැදිරියකින් සමන්විත වේ.

        කැළණිවැලි දුම්රිය කට්ටලයන් වල ආසන සැකැස්ම ඇත්තේ S10 බලවේග දුම්රියන් වල ඇති ආකාරයටම සමානවය.

        මෙම උඩරට සහ කැළණිවැලි යන දුම්රිය කට්ටල වර්ග දෙකට අමතරව සියලු මැදිරි වායුසමීකරණය කල දුම්රිය කට්ටල දෙකක්ද, ආනයනය කොට ඇති දුම්රිය කට්ටල වලට ඇතුලත්ය. එම දුම්රිය කට්ටල දෙකම එන්ජින් මැදිරි හැරෙන්නට අනෙකුත් සියලු මගී මැදිරි සහ භෝජන රථය වාසුසමීකරණ පහසුකම් සහිතව සුඛෝපභෝගී පහසුකම් සහිතව නිපදවා ඇත.

       දුම්රිය කට්ටලයන් විවිධාකාර ගතිලක්ෂන වලින් එකිනෙක වෙනස් වුවද එක් එක් ඇති මැදිරි වල දිග  සමාන වීම නිසාත් ඒවා අඩු දිගකින් යුතුව නිපදවා ඇති  නිසාත් මෙරට ඕනෑම මාර්ගයක ධාවනය කළ හැකිවීම මෙහි ඇති තවත් වාසිදායක ලක්ෂණයකි.

         උඩරට මාර්ගයට බලවේග දුම්රියන් යෙදවීම සිදුවූයේ වසර 50කට පමණ පසුවය. එනම් වර්ෂ 1959 දී  උඩරට මාර්ගයේ ධාවනයට එක් කල S3 ධාවන පන්තියේ බලවේග කට්ටලයන් ගෙනවිත් හරියටම වසර 53කට පසුවය. එසේම කැළණිවැලිය පුළුල් ආමානයට හැරවීමෙන් පසුව. දැනට ධාවන තත්වයේ ඇති බලවේග කට්ටලයන් අතුරෙන් කැළණිවැලියේ ධාවනය කල හැකි එකම බලවේග දුම්රිය වූයේ S8 බලවේග දුම්රියන් පමණි. එබැවින්  කැළණිවැලි මාර්ගයට ම විශේෂයෙන් සැකසූ දුම්රියක් ආනයනය කල පළමු වතාවද මෙය විය.

විශේෂ දුම්රියේ ARC මැදිරියක ඇතුලත
ඡායාරූපය -  ප්‍රියංක රොඩ්රිගෝ
         S10 ධාවන පන්තියේ බලවේග දුම්රියන් සේම මෙම  S12 පන්තියේ බලවේග දුම්රියන්ද "ඩිසල් බහු ඒකක කට්ටල බලවේග දුම්රියන්" (Diesel Multiple units-DMU) ලෙස ධාවනය කල හැකිය.
  
        උඩරට දුම්රිය කට්ටලයන් උඩරට මැණිකේ සහ පොඩිමැණිකේ දුම්රියන් සඳහා යොදවා ඇති අතර දුම්රිය උඩරට දුම්රිය මාර්ගයේ මේ වන විට ධාවනය කරන වැඩිම එන්ජින් බලය සහිත දුම්රිය කට්ටලය මෙන්ම,  බලවේග දුම්රිය ලෙසද මෙය සැළකිය හැකිය. ඒ එක් එන්ජිමක බලය ආසන්න වශයෙන් 2000hp පමණ වන අතර එවිට එක් බලවේග කට්ටලයක බලය ආසන්න වශයෙන්  4000hp පමණ වේ.  මේ අධික ජවය නිසාම,  සීග්‍ර නැග්මක් සහිත කඳුකර මාර්ගයේ වඩාත් පහසුවෙන් ගමන් කිරීමට හැකියාවක් ලැබී තිබීම විශේෂත්වයකි. එමගින් අසීරු කාලගුණ තත්වයන් යටතේ වුවද ප්‍රමාදයකින් තොරව දුම්රිය ස්ථාන වෙත නියමීත වේලාවටම ලඟා වීමට මෙම දුම්රියන්ට හැකියාව ලැබී ඇත.

        මෙම දුම්රිය කට්ටල සියල්ලකම පාහේ දක්නට ඇති එක් සුවිශේෂි අඩුපාඩුවක් වෙයි. ඒ මෙහි මැදිරි වලට ගොඩවීමට තිබෙන පා පුවරුව ඉතා කෙටි සහ නොගැලපෙන ආකාරයේ එකක් වීමයි. මේ නිසා අපරික්ෂාකාරී මගින් දුම්රියෙන් බිමට ඇද වැටීමට ඉඩ ඇතුවාක් මෙන්ම ශාරිරික අපහසුතා ඇති මගීන්ටද දුම්රියට නැගීමේ දී දැඩි අසීරුවකට මුහුණ දීමට සිදු වීමය.

        කැළණිවැලි කට්ටලයන් යොදවා ඇත්තේ එම මාර්ගයේ කාර්යාලයීය ප්‍රවාහන සේවා  සහ අනෙකුත් මන්දගාමී දුම්රියන් ආදීයටය.

        සම්පූර්ණ වායුසමීකරණය කල දුම්රිය කට්ටලයක් පහත කාල සටහන අනුව කොළඹ කොටුව සහ මහනුවර අතර ධාවනය වේ.


        කැළණිවැලි කට්ටල වල සාමාන්‍ය දෛනික නඩත්තු කටයුතු මරදානේ බලවේග විදුලි ධාවනාගාරය - EPCS (Electrical Power Coaches Shed) මගින් සිදු කරනු ලබන අතර උඩරට කට්ටලයන් වල නඩත්තු කටයුතු දෙමටගොඩ ධාවනාගාරය (Running Shed - Dematagoda) මගින් සිදුකරනු ලබයි.

- විශේෂ ස්තූතිය -

  • ගයන්ත සමරදිවාකර
  • තූර්ය ඕවිටිපාන
  • නිපුන දොඩන්තැන්න

ඡායාරූප:-

-පෙර සටහන-
මෙම ඡායාරූප සියල්ල දුම්රිය පිලිබඳව ඇල්මක් ඇති පුද්ගලයන් විසින් වරින් වර ගන්නා ලද ඒවා වන අතර එමගින් කිසිදු දුම්රිය සේවකයකුට හෝ දේපලකට හානි කිරීමේ චේතනාවෙන් ලබාගත් ඒවා නොවන අතර එම නිසා තමන්ගේ වෙනත් අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා එම ඡායාරූප භාවිතා කිරීම මගින් දුම්රිය පිළිබඳව විනෝදාංශයෙහි නිරත වන්නන්ටත්, ඒ වෙනුවෙන් සහයෝගය දක්වන දුම්රිය සේවයන්ටත් ගැටලු සහගත තත්වයන්ට මුහුණ දීමට ඉඩ නොසලස්වන ලෙස සමස්ථ දුම්රිය ලෝලින් වෙනුවෙන්  අදාල සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

S12 දුම්රියක වීඩියෝවක්
(තූර්ය සත්සර විසින් යූ ටියුබ් වෙත එක්කර ඇත)


S12 දුම්රියක ඇතුලත වීඩියෝවක්
(ගයන්ත සමරදිවාකර විසින් යූ ටියුබ් වෙත එක්කර ඇත)

S12 දුම්රියක එලැවුම් කුටියේ වීඩියෝවක්
(උදිත බණ්ඩාර විසින් යූ ටියුබ් වෙත එක්කර ඇත)


දෙමෝදර ආරුක්කු නවය මතින්
ඡායාරූපය - නිපුන දොඩන්තැන්න
කඩුගන්නාව දුර්ගය
නිල් යකුන්ගෙ මහ ගෙදර
උඩරට කඳුකරයට ගැලපෙන නිල් වර්ණය
ඡායාරූපය - නිපුන දොඩන්තැන්න
මැණිකෙලාගේ හමුව
දෙමෝදර බිම්ගෙය යටින්
ඡායාරූපය - නිපුන දොඩන්තැන්න
උඩරට කඳුකරයට ගැලපෙන නිල් වර්ණය
පළමු පන්තියේ ඇතුලත LCD තිර
ඡායාරූපය - තූර්ය ඕවිටිපාන
දෙවැනි පන්තියේ පහසුකම්
ඡායාරූපය - තූර්ය ඕවිටිපාන
දෙවැනි පන්තියේ පහසුකම්
ඡායාරූපය - තූර්ය ඕවිටිපාන
තෙවැනි පන්තියේ පහසුකම්
ඡායාරූපය - තූර්ය ඕවිටිපාන
භෝජන රථයේ ඇතුලත
ඡායාරූපය - තූර්ය ඕවිටිපාන
අභ්‍යන්තර ඇමතුම් පහසුකම්
ඡායාරූපය - තූර්ය ඕවිටිපාන

59 comments:

  1. චාටර්ම චාටර්ම චාටර්ම චාටර්ම චාටර්ම චාටර්ම චාටර්ම චාටර් ෆුට්බෝඩ් තියෙන්නෙ මේ S12 වල.. :/

    ReplyDelete
    Replies
    1. අඩුගාණෙ ෆුට් බෝඩ් යන්නවත් බෑ :D

      Delete
    2. කොල්ලො බල්ටි ගහනවා එවුවයේ :D

      Delete
    3. M10 ගැනත් කියල දෙනවද.??

      Delete
    4. " මෙම දුම්රිය කට්ටලයන් යෙදවීම පෙර බදුල්ල දක්වා ධාවනය කල දුම්රිය වලින් මහනුවර බලා ගමන් කල මගීන්ට පේරාදෙණියෙන් බැස වෙනත් දුම්රියක පිහිට පැතීමට සිදුවිය. ඒ එම දුම්රියන් මහනුවර දක්වා ධාවනය නොකල බැවිනි. එයට හේතුව ඒවා මහනුවරදී එන්ජිම ගලවා ඉදිරියට සවිකීරීමට අමතර කාලයක් ගතවීම නිසාය."

      ඉහත ප්‍රකාශය සමග එකඟ නොවෙමි. අනාදිමත් කාලෙක සිට කොළබ කොටුවෙන් උදේ 5.55 ට බදුල්ල බලා පිටත් උනු පොඩි මැණිකේ සීඝ්‍රගාමී දුම් රිය මහනුවරට ගිය අතර එහිදී එන්ජිම මාරු කිරීමද සිදු විය. උඩරට මැණිකේ පමනක් නුවරට නොයා පේරාදෙනිය හන්දියෙන් බදුල්ල බලා පිටත් විය. එහෙත් එහිදීද එන්ජිමේ පැත්ත මාරු කිරීම කලේය.

      Delete
    5. මේ ප්‍රකාශ දෙකේම හරි පැත්තක් වගේම වැරදි පැත්තක් තියෙනවා. අවුරුදු 10 - 12 කට කලින් 5.55 පොඩි මැණිකේ දුම්රිය මහනුවරටම ගියා. නමුත් පසුකාලීනව පේරාදෙණිය දුම්රිය නැවතුම් පොල තුන්වන වේදිකාව ඉදිකිරීමෙන් පසු එය මහනුවර බලා ගමන් කිරීම නවතා දැමුවා. ඒ වෙනුවට පේරාදෙණියේ සිට මහනුවරට වෙනත් දුම්රියක් ධාවනය කිරීම සිදු වුණා. එබැවින් මහනුවර යන මගීන්ට තෙවෙනි වේදිකාවේ සිට දෙවෙනි වේදිකාව දක්වා ගමන් කිරීමට සිදුවුනා.

      Delete
    6. අනාදිමත් කාලයකදී ගියත්, පොඩි මැණිකේ නුවර යෑම නැවතුනා 2004දී. ඒ තුන්වෙනි වේදිකාවක් හදපු නිසා නෙවෙයි, ගමන් කාලය අඩු කරගැනීමට, මොකද එන්ජින් පැති මාරු කිරීම් සියල්ල සමග නුවර ගොස් ඒමට පැයක් පමණ ගත වුණ නිසා. දුම්රිය නුවර යෑම වෙනුවට පෙරාදෙණියෙන් සම්බන්ධීකරණ දුම්රියක් යෙදවුණා. පොඩි මැණිකේ දුම්රිය හැම විටම පේරාදෙණියේ දෙවෙනි වේදිකාවට ගත්තා, අනෙක් දුම්රිය සහ එය අතර මාරු වීම පහසු කිරීමට. එහෙත් බලවේග කට්ටලය යෙදවීමේදී ගමන් කාලය වෙනස් වීමක් තොරවම කාල සටහන සංශෝධනය කීරිමට හැකිවුණ නිසා නැවත නුවරට ධාවනය සිදුවුණා. පේරාදෙණියේ තුන්වෙනි වේදිකාව විවෘත වුණේ 2008 දෙසැම්බර් 1 වෙනිදා. ඒකෙන් සිද්ධ වුණේ උඩරට මැණිකේ 'නිල වශයෙන්' පේරාදෙණියේ නැවැත්වීමට පටන් ගැනීම. උඩරට මැණිකේ ගේ එන්ජින් පැති මාරුවීමක් සාමන්‍යයෙන් සිද්ධ වුණේ නෑ, ඒක ගියේ ලූප් එක (තුන්වෙනි වේදිකා මාර්ගය) හරහා, 2008 දෙසැම්බර් වලට පෙර නම් දුම්රිය මාරුවීමක් හෝ වෙනත් විශේෂ හේතුවක් නැතිනම්, නොනවත්වාම ගියා.. ලූප් එක අකර්මණ්‍ය වුනොත් පමණයි එන්ජින් මාරුවීමක් අවශ්‍ය වුණේ.

      Delete
  2. මැක්සා... මාත් ආසම කෝච්චිය... අර S11 ජරාව වගේ නෙමේ :D

    ReplyDelete
  3. සුළු සුළු අඩුපාඩු තිබුණත් අලබන් වුණ මැදිරි කීපයකට සීමාවෙලා තිබ්බ දුම්රිය වෙනුවට මේවා ආදේශ වීමෙන් උඩරට දුම්රිය වල ගමන් කරන මගීන්ට ලොකු පහසුවක් සැලසුණා. පහසුකම් ඉතා හොඳයි. ඒවා ඒ තත්ත්වයෙන්ම පවත්වා ගන්න නඩත්තුව භාර අය වගේම පාවිච්චි කරන මගීන්ගේත් දායකත්වය අවශ්‍යයි.

    ReplyDelete
  4. වේගේ නම් තියනවා තමා.. ඒ වගේම සද්දෙත් තියනවා කන පැලෙන්නම. හැබැයි ඉතින් මග හිට්ටෝත් හිට්ටම තමා.. උඩරට ආපු දවස් වලම අපිත් ඕකේ ගියා නේ.. තලවකැලේදී හිටලා හොඳ පෝරියල් එකක් කෑවා. ඒ සටහන මගේ බ්ලොග් එකේ ඇති.. බලමුකෝ ඉස්සරහට නේද...

    ReplyDelete
    Replies
    1. මූ කිලෝමීටර් දෙකක් එහා තියලා ගහන හෝන් එක තමා මාව උදේට ඇහැරවන එලාම් එක :D

      Delete
    2. කැළණිවැලියෙන්ද නැත්තං මුහුදුබඩින්ද? :D

      Delete
  5. කාලෙකට පස්සේ කෝච්චියා හොඳ බ්ලොග් එකක් ලියලා තියෙනවා. මේ බලවේග කට්ටලය යෙදෙව්වාට පස්සේ වගේම මේකේ තියෙන පහසුකම් එක්ක ගොඩක් අය මේකේ යන්න ආස කරනවා. මේ වෙනකොට ගොඩක් ප්‍රධාන දුම්රිය ස්ථානවල වේදිකාවන් උස් කරන හින්දා ඉස්සර වගේ අමාරුවකින් තොරව නගින්න වගේම බහින්නත් පුළුවන්. මේ බලවේග කට්ටලයේ පා පුවරු සැකසුම එක අතකින් මගීන්ගේ ආරක්ෂාව අතින් ගත්තම හොඳයි. විශේෂයෙන්ම, මේ බලවේග කට්ටලවල නඩත්තු කටයුතු සිද්ධ වෙන්නේ දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ. මේ දක්වා එන්ජින් වල ඉඳන් මැදිරි දක්වාම නඩත්තු කටයුතු හොඳින් සිද්ධ වෙනවා.

    මේකේ වැසිකිළි වර්ග 2 ක් තියෙනවා. එක පැත්තක Commode සහ Squatting ක්‍රමය. ඒකත් මගීන්ට ලොකු වාසියක් වෙනවා. වායු සමීකරණය කළ මැදිරියක LCD රූපවාහිනී 6 ක් තියෙනවා. ඒ වගේම භෝජන මැදිරියේත් රූපවාහිනී 2 ක් තියෙනවා. ඒ වගේම වේගයත් සුපිරි. මේකේ උපරිම වේගය 120 kmph. 85 kmph ට සීමා කරලා තියෙනවා. මම හිතන්නේ 921 සහ 922 එන්ජින් දෙකේ නම් වේගය සීමා කරලා නෑ. ඒ වගේම නියාමක මැදිරිය හරහා රියදුරු කුටියට යන්න පුළුවන්.

    ඉදිරියේදී S13 ත් චීනෙන්ම ගෙනේවා...

    ReplyDelete
  6. හොද විස්තරයක් මිත්‍රයා...කාලයකට ඉස්සෙල්ලා බදුලු තැපැල් දුම්රියේ ගොස් විදගත් සුන්දරත්වය නැවතත් විදින්නට ආශාවක් පහල වුනා...

    ReplyDelete
    Replies
    1. තැපැල් දුම්රිය ගමන් කරන්නේ රෑ 8.00 ට කොටුවෙන්. සුන්දරත්වය විඳින්නනම් උදේ 5.55 පොඩි මැණිකේ සමග යන්න ඒන. ඒත M6 සුන්දරත්වය S12 නැහැ වගේ දැනෙනවා.

      Delete
    2. ඒක ඇත්ත. මේක පවර්සෙට් මොඩල් එකේ එක නිසා, රුමේනියන් මැදිරි වල තියෙන ගතිය නැහැ.

      Delete
  7. ධාවනයට එක්ව වසරක පමණ කාලයක් නිසා S 12 වල සාර්ථක අසාර්ථක බව කියන්න තවම කාලේ මදි . ඒ වුනත් අඩි 45 මැදිරි 7 ක පැක් වෙලා ගිය ගමනට වඩා පහසුවක් වගේම ප්‍රමාදය අවම වීමක් තියනවා. පඩි පෙල ගැන නම් කියන්න දෙයක් නෑ. ඊට හොදයි මැදිරියේ ඉදන් වේදිකාවට පනින එක..

    ReplyDelete
  8. ගෙහාන් අයියට කාලෙකින් බ්ලොග් එක මතක් වෙලා තියෙන්නෙ. වැදගත් තොරතුරු ගොඩක් තියෙනව. දිගටම ලියන්න

    ReplyDelete
  9. බොහොම ස්තුතියි ඔබේ මේ අගනා විස්තරයට. එකම අඩුව තමයි මේ දුම්රියේ පාපුවරු සකසා තිබෙන්නේ නවීන දුම්රිය වේදිකා වලට සරිලන විදිහට. අවාසනාවකට එවැනි වේදිකා අපේ රටේ කිසිම දුම්රියපොලක නැතැයි මට හිතෙනවා.

    ReplyDelete
  10. අපිත් ඕකේ ගියානේ මේ පාර. පින්තූරත් හෙන ගොඩක් ගත්තා. එදා තිබ්බ එකම අවුල ඔය භෝජනරථය තිබ්බේ නෑ. ටෙන්ඩර් ඉවර වෙලා වහලා දාලා.

    ReplyDelete
  11. Elae macho godak dee dnagatha..kohomahari satiyakata sarayak vath koochi gana aluth toraturu liyapan......

    ReplyDelete
  12. ඔයාගේ බ්ලොග් එකේ ෆොන්ට් එක ටිකක් ලොකු කරන්න පුළුවන් නම් කියවන්න ටිකක් ලේසියි....

    Axel Arrangement යන්න Axle Arrangement විය යුතුයි...

    http://maduraonline.com/?find=axle

    ReplyDelete
  13. කාලෙකට පස්සේ හරි අලුත් බ්ලොග් සටහනක් ලියැවිලා තියෙනවා දකිනකොට ආසා හිතුනා. සුළු සුළු ප්‍රයෝගික අඩුපාඩු තිබුණත් ඉතා සුවපහසු වගේම අනර්ඝ ඩීසල් බහු ඒකක දුම්රිය කට්ටලයක් විදියට මේ S12 හඳුන්වාදෙන්න පුළුවන්. මේවා එක්ක ඉන්දියාවෙන් ආනයනය කරපු S11 දුම්රිය කට්ටල අහලකින්වත් තියන්න බෑ මට හිතෙන විදියට නම්. කොහොම වුනත් මෙතුවක් කල් උඩරටට දුවපු අබලන් මැදිරි වෙනුවට මේ වගේ නවීන දුම්රිය එකවනවා දැකීම සතුටට කාරණයක්......

    ReplyDelete
  14. කාලෙකට පස්සේ බ්ලොග් එකට හොඳ ලිපියක් ලියලා. :) මගේ අදහස නම් මේ බලවේග කට්ටලය දිහා දුම්රිය ලෝලියෙක් දකින විදිහයි, දුම්රිය මගියෙක් දකින විදිහයි වෙනස්. නමුත් දුම්රිය කියන්නෙත් එක් ප්‍රවාහන මාධ්‍යයක් බව මතක තබා ගත යුතුයි. දුම්රිය ලෝලියෙක් විදිහට බැලුවොත් මෑතක් වන තෙක් උඩරට මැණිකේ, පොඩි මැණිකේ ඈදාගෙන ගිය ජර්මානු සහ කැනේඩියන් එන්ජින් තරම් නම් කිසිම ගතියක් නැහැ මේ අලුත් බලවේග එන්ජින් වල, කලින් දුවපු පරණ එන්ජින් වලට ගොඩක් දෙනා කැමති ඒ ඒ එන්ජින්වලට අනන්‍ය හැඩයක් සහ එන්ජින් ශබ්දයක් තිබීම කියලයි මට හිතෙන්නේ. එහෙත් මේ බලවේග කට්ටලවල එන්ජින්වල පෙනුම ඊට හාත්පසින්ම වෙනස් ඒ එන්ජිමේ හැඩය මැදිරිවල හැඩයට සමාන නිසා වෙනම එන්ජිම විතරක් කැපිලා පෙනෙන්නේ නැහැ. හැබයි මගියෙක් විදිහට බැලුවොත් ගොඩක් සන්තෝස වෙන්න පුළුවන් කාරණාවක්. සැප පහසුව අතින්නම් උපරිමයි. බොහොම ස්තුති ලිපියට

    ReplyDelete
  15. හ්ම් ඔය ලියලා තියෙන්නෙ කාලෙකින් එකක්
    තාම යන්න නම් බැරි වුණා මේ එකක
    යන්න ඕනා බලන්න

    ReplyDelete
  16. කාලෙකින් ලියන්ඩ ආපු එකත් හොඳයි..
    අපෝ ඕකේ පුට්බෝඩ් එක නම් අප්සැට්... ඒකේ එකතීරුවයි තියෙන්නේ බහින්ඩ.. !

    ReplyDelete
  17. මමත් මේ ලගදි ගියානේ ඔකේ. එදා නම් කෝච්චිය බදුල්ලට නියමිත වෙලාවටම ගියපු එකේ සතුට අත් විදින්න හම්බ උනා ;)

    ReplyDelete
  18. මම බලාගෙන හිටියේ S 12 එක ගැන විස්තර දානකම් , එල එල ඔහොම යන් ........................

    ReplyDelete
  19. නියම තොරතුරු ටිකක්. ඇත්තටම මේ දේවල් මේ විදියට ආරක්ෂා කරගන්න එක ඕවයෙ යන අයගෙ යුතුකමක්. නමුත් ලංකාවෙ නොවෙන්නෙත් ඒකයි.

    කොච්චර තාක්ෂණික පහසුකම් තිබ්බත් ඕවයෙ වැඩකරන අය හරියට වැඩ කළේ නැත්තං වෙලාවට අදාල තැංවලට යනව බොරු.

    ReplyDelete
  20. Kandy - Colombo oke duka nathiwa WIFI thiyenawa affaa eka nam maarama aathal

    ReplyDelete
  21. අහ් මමත් ගියා නියමයි කලින් තිබ්බ ඒවට වඩා .අපෙ මිනිස්සු මෙවා ජරා කරන්නෑතුව පාවිච්ච් කරනවනම් කාලයක් මෙවා හොදින් පවතීවි

    ReplyDelete
  22. අනිත් එක...
    තව නිවැරදි කිරීමක් කරන්න ඕනේ...
    කැලණිවැලියේ දුවන ඒවායේ එන්ජිමයි,මගී මැදිරි 5 යි, එළවුම් කුටිය සහිත මගී මැදිරියයි. ඩමී එකෙත් වැසිකිලියක් තියෙනවා

    ReplyDelete
  23. මදෑ උඹට මතක් උනා මේකෙ ලියන්ඩ කාලෙකිං :D

    එළ ඈ ලිපිය. තැංකිව්. ආපු දවසක යන්ඩ ඕනෙ පොඩි රවුමක් මේකක.

    ReplyDelete
  24. ara rathu pata madhiriya afc train eke cantine eka.

    ReplyDelete
  25. sun how abut M-10 we are waiting for it do it soon

    ReplyDelete
  26. Rail Bus genath wisthara danna. we like this blog. thanks

    ReplyDelete
  27. Before opening of Platform no 3 in Peradeniya junction, Podi Menike stopped at Peradeniya Junction and had to attach engine at other side for take the train to Badulla track. Udarata Menike was not stopped at Peradeniya junction, and ran on the loop(now platform no 3).

    ReplyDelete
    Replies
    1. False. They used the loop to move the train to Badulla side and then reverse it to 2nd platform or the other way around. Why would make it hard by changing the engine to the other side if there is a loop.

      Delete
  28. නියම තොරතුරු ටිකක්. අපේ කට්ටිය (බලධාරීන්, සේවකයින් වගේම මගීන්) මේවා ටික ආරක්ෂා කරයි කියලා හිතනවා.

    ReplyDelete
  29. චන්දික ඔන්න මමත් නිල් යක්කු ගැන අර කතාව ලිව්වා. සුබ මෙතනට ලින්ක් එකකුත් දාලා තිබ්බා. මේ විස්තර හරිම වැඩ ගත් වුනා ඉන්දිකට ඇතුවුනු පවර්සෙට් සැක සංකාවක් දුරු කරන්න. ඇවිත් බලන්නකෝ මගේ ඩෙනිමට. තාම පළවෙනි කොටස.

    ReplyDelete
  30. ගිහාන් මල්ලි ෆේස්බුක් අකවුන්ට් එක මකලා තියෙන්නේ ඇයි?

    ReplyDelete
  31. නිල් මකරාගේ තතු විත්ති ගොඩක් දැනගත්තා බොහොම ස්තුතියි. ඒ වගේම දුම් රිය ගැන ගොඩක් දෙවල් කියවන්න දැනගන්න ලැබුනා. මගේ කාර්මිකදැනුම බිංදුවයි එක නිසා අහන්නේ වාෂ්ප දුම් රියක රොද වලට ජවය ලැබෙන විදිය රූප සටහන් මගින් විස්තරයක් කරන්න පුලුවන්ද. ඒ වගේම බොගි පිලිඹඳ විස්තරයක් තව එකී මෙකී නොකී අපිනොදන්න සියලු දැ කියල දෙනවනම් තක්ෂිලාව සම්පූර්ණයි.

    ReplyDelete
  32. නියමයි, මේවගේම තව කෝච්චි ගැන අලුත් ලිපි ලියන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා.

    ReplyDelete
  33. ගල්පඩි පෙළක් නෙහ හරියට නගින්න බහින්න .දුම්රිය පළවල් වල වේදිකා වෙනස් කරන්න ඕනේ .නගින බහින එක කාටත් පහසු විය යුථුඉ උතුමි මේවා ගන්න ගිය කට්ටිය කොමිස් එක ගැන බැලුව මිසක් නගින බහින මිනිස්සු ගෙන බැලුවේ නෙහ. කීපවරක්ම මේ දුම්රියේ ගිය නිසා මම දැක්කා කොඉතරම් මිනිස්සු පහසුවට පත් වෙනවාද කියල නගින්න බහින්න.ගොඩක් දෙනෙක් දන්නේ නෙහ මේවා හරියට පිරිසිදුවට පාවිචි කරන්න. අංක අනික මම දැක්ක ගොඩක් ලමි වදිකරවනවා සීට් එක්ක ඒ ඉදිරිය තිබෙන අරු අරින්න වහන්න පුළුවන් මෙසේය මත. මා විසින් මේ ලමින්ගේ අම්මලා තතල්ලට කීප වරක්ම් මේක වාඩි වෙන්න නොවන බව කියා තිබෙනවා

    ReplyDelete
  34. any idea about the fuel consumption?

    ReplyDelete
  35. M 10 ganat danaganna api kamati.. tawa carriages ganat liwwa nam maru

    ReplyDelete
  36. සුපිරි ලිපියක්.එම 10 වගේම මාතලේ දුම්රිය මාර්ගය ගැනත් විස්තර ඉක්මනින්ම දාන්න.මට තිබෙන ප්‍රශ්නය නම් 3990hp අවශ්‍යද මැදිරි 8ක් අදින්න.මම හිතන්නේ මැදිරි 12ක් වත් දෙම්ම නම් මය බලයට යම් සදරනයක් ඉටු වෙය්.එම6 1650hp වලින් මෙදිරි 7ක් එදගෙන යන එකේ මෙතරම් විශාල බලයකින් මෙදිරි 8ක් අදිනවා කියන එක ලොකු අපරාදයක් එන්ගිනේ බලය එක්ක ගත්තහම.

    ReplyDelete
  37. අඩේ මේ සටහන මිස් උනා නේ.. මේක නුවරට පලවෙනි ට්‍රයල් එක ආවේ මගේ උපන්දිනේ දවසේ.. හැබැයි මට නම් වැඩිය අල්ලන්නේ නැති සෙට් එකක්. ෆුට්බෝඩ් යන්න බෑ මලාට මේකේ නම්. ජනෙල් තියන්නෙත් මහා විකාර විදියකට. බදුලු නයිට් මේල් ඒකත් ළඟදීම මේවලින් දුවනවා කියල ආරංචියක් තියනවා. බලමුකෝ..

    ReplyDelete
  38. aththatama hamadama minissu karanne railway ekata banina eka.passengers la witharak nemei wada karana ayath ehemai. ehema kaleka subawadeewa balala thiyena me blog eka gana isthuthiya wagema prashansa wath ek wiya yuthui.

    ReplyDelete
  39. ඇයි මේක දැන් ලියන්නේ නැත්තේ , අපරාදේ අසාවෙන් කියවපු Blog එකක් .....

    ReplyDelete
  40. නියමයි. අංගසම්පූර්ණ ලිපියක් :-D

    ReplyDelete
  41. අද 02.04.2017 ම්න් දැක්කා S12 පවර් සෙට් එකක එන්ජිම සහ එලවුම් මැදිරි S10 මැදිරි 4කට සෙට් කරලා කොටුවෙ ඉදලා රබුක්කනට යන මන්දගාමි දුම්රියක්.ඒක දැක්කාම නිකන් අවුල් වගේ.S10 S12 කලවම් දුම්රියක්.සමහර විට කලිනුත් දාවනය කරන්න ඇති.මන් දැක්කෙ අද.

    ReplyDelete