Tuesday, November 01, 2016

ශ්‍රී ලංකාවේ ඩීසල් දුම්රිය එන්ජින් නාමකරණය

ශ්‍රි ලංකාවේ දුම්රිය සේවය ඇරඹී වසර 150ක් ඉක්ම ගොස් තිබේ. එම වසර 150ක කාලය තුල සේවය එක් වූ සහ එයින් ඉවත් වූ දුම්රිය එන්ජින් ප්‍රමාණය දහසකට ආසන්නය. එහෙත් වර්තමානය වන විට බොහොමක් පැරණි එන්ජින් පිලිබඳව මූලික තාක්ෂණික විස්තර හෝ ඡායාරූප සොයාගැනීමට දුලබ වීම කණගාටුවට කරුණකි. මුල් කාලීන දුම්රිය සේවය සඳහා යොදාගත් එන්ජින් වර්ග කාණ්ඩගත කිරීමේ යම් ක්‍රමවේදයක් තිබී ඇතත් පසුකාලීනව දුම්රිය සේවය වඩාත් දියුණුවට පත් වෙත්ම එම ක්‍රමය ප්‍රමාණවත් නොවන්නට ඇතැයි සැලකිය හැකිය.

Sunday, October 16, 2016

කැළණිවැලියේ දුම්රිය මතකයන් යකඩ වලට කැපෙයිද?

සෙන්ටිනෙල් වාෂ්ප රේල් කාර් රථය
ඡායාරූපය - Rob Dickinson

ශ්‍රී ලංකාව, ලෝකයේ පැරණිතම දුම්රිය සේවාවක් හිමි රටකි. වර්ෂ එකසිය පනහකට නොඅඩු අතීතයකට උරුමකම් කියන මෙරට දුම්රිය සේවා ඉතිහාසය පුරාවට හිමි වූ සුවිශේෂී මතක සටහන් රාශියකි. වර්ෂ 1864දී කොළඹ සිට අඹේපුස්සා දක්වා සිදු වූ ප්‍රථම මගී දුම්රිය ගමනත් සමග ඇරඹුණු දුම්රිය සේවාව, දහ නවවන සියවස අග භාගය වන විට දිවයින පුරා සතර අතට විහිදී ගිය මෙරට දුම්රිය මාර්ග පද්ධතිය සැතපුම් නවසීයකට ආසන්න දුර ප්‍රමාණයක් ආවරණය කරන ලදී. ඒ වාෂ්ප බලයෙන් දිවූ දුම්රියන් මෙරට ප්‍රවාහනය නව මාවතකට හැරවූ අයුරුයි.